නයිල් නදියේ අපරාධ ත්‍රිත්වය – Death On The Nile 2022

Death On The Nile මුලින්ම ඔබ හමුවට එන්නේ 2022 දී නම් නොවෙයි. ලෝකප්‍රකට රහස් පරීක්ෂක කතුවරියක් වන අගතා ක්‍රිස්ටිව ඔබ ඇතැම් විට අසා ඇති. ඇයගේ පෑන් තුඩෙන් නිර්මාණය වූ තවත් එක් ප්‍රබන්ධ චරිතයක් තමයි හර්කියුල් පයිරෝ කියලා කියන්නෙ. ඉතින් කවුද මේ හර්කියුල් පයිරෝ කියන්නේ? හර්කියුල් පයිරෝ කියන්නෙ විශිෂ්ඨ ගණයේ රහස් පරීක්ෂකයෙක්. ඉතින් රහස් පරීක්ෂකයන් ගැන කතා බහ කරනකොට ෂර්ලොක් හෝම්ස්ව නිතැතින්ම අපිට මතකයට නැඟෙනවා. නමුත් මේ හර්කියුල් පයිරෝගේ වික්‍රම රැගෙන පැමිණෙන Death On The Nile පොතෙහි සිනමා නිර්මාණය පිළිබඳවයි මේ සටහන.

සරලවම මේ කතාවෙත් සිද්ධ වෙන්නේ අභිරහසක් විසඳන එක. බොහො දෙනෙකුට අභිරහසක් විසඳනවා කියන කොටම ඇතැම් විට යම් උදාසීන ගතියක් ඇතිවන්නට පුළුවන්. නමුත් මේ හර්කියුල් පයිරෝ මේ Death On The Nile හී සිදුකරන වික්‍රමය ඔබගේ ඇස් පුදුම කරනවාට සැකයක් නැත.

මේ කතාවේ ආරම්භයේ හර්කියුල් පයිරෝගේ අතීත කතාවක් පෙන්වයි. එහිදී හර්කියුල් පයිරෝ යුධ සේවයේ යෙදී සිටින අයුරු දකින්නට ලැබෙන අතර එහෙදී ඔහු ඉතා උපක්‍රමශීලී අදහස් ඇතිව තම යුධ පෙරමුණට අදහස් ලබා දෙන ආකාරයෙන් හර්කියුල් පයිරෝගේ හැකියාව පෙන්නුම් කරයි. ඔහු එසේ යුධ පෙරමුණේ යුධවදිමින් ඔවුන් යම් ජයග්‍රහණයක් එම සටනින් ලබා ගනී. නමුත් අවාසනාව වන්නෙ ඉන් පසුවයි. එම සටන අවසානයේ සටනට නායකත්වය දුන් කපිතාන් බෝම්බයකට හසුව මිය යන අතර හර්කියුල් පයිරෝගේද කම්මුල් ප්‍රදේශයට දරුණු ආකාරයෙන් හානි සිදුවෙයි. ඉතින් එම අරම්භක ජවනිකාවෙන් අනතුරුව කතාවේ වර්තමානය පැමිණ Death On The Nile කතාව ආරම්භවෙයි. කතාවේ වර්තමානය කිව්වට මේ 1937 වන වර්ෂය.

ඉතින් මේ වන විට පයිරෝ තරමක් මහළු නමුත් ඉතා දක්ෂ රහස් පරීක්ෂක වරයෙක්. මොහු මේ කතාව ආරම්භයේදී ජනප්‍රිය ගායන ශිල්පිනී සලෝමී ඔටබෝන් නම් ගායිකාවගේ සංගීත ප්‍රසංගයකට පැමිණියි. එම ප්‍රසංගයට පැමිණීමෙන් පසු සිදුවන සිදුවීම මේ කතාවෙ සුවිශේෂී තැනක් වගේම එහෙදී ප්‍රේක්ශකයාට පෙන්වන චරිතද සුවිශේෂී වනවා.

මෙහිදී එම සංගීත ප්‍රසංගයේ යුවලක් ඉතාමත් ආදරයෙන් හා සරාගීව නර්තනයේ යෙදෙන අයුරු පෙන්වයි. මේ යුවල නම් සිමියන් ඩොයිල් සහ ජැකලීන්. ඉතින් ඔවුන් දෙදෙනාගේ නර්තනය අතරතුර ජැකලීන්ගේ මිතුරියක වන ලිනෙට් පැමිණෙයි. ලිනෙට් යනු විශාල දේපලකට හා ධනස්කන්ධයකට උරුමකම් කියන තැනැත්තියක්. ඉතින් ඉන් අනතුරුවන ලිනෙට් පැමිණි අවස්ථාවේදී ඇයගේ මිතුරිය වන ජැකලින් ඇය හා කතා බහට එක් වෙයි. එහිදී ඇය පවසන්නේ ඇය සිමියන් සමඟින් විවාහ ගිවිස ගෙන ඇති බවය. එහෙදී ඒ දෙදෙන අසලට පැමිණෙන සිමියන්ව ජැකලීන් ලිනෙට්ට හඳුන්වා දෙයි. මේ අවස්තාද්වේදී සිමියන් හා ලිනෙට් ගේ දෑස් එක්විට මුණ ගැහෙන විට දෙදෙනා දෙදෙනාට වඩාත් ආකර්ෂණ වෙන අයුරු පෙනුම් කරයි. ඉතින් මේ අතර ලිනෙට් ජැකලීන්ගේ ඉල්ලීම පරිදි කඩවසම් සිමියන් හට ලිනෙට් ගේ වතුපාලක තනතුර ද මෙම අවස්තාවෙ ලබා දීමට කටයුතු කරනවා.

එම සිදුවීමෙන් අනතුරුව කතාවේ මීළඟ අරුම පුදුම කොටස ඇරඹෙන්නේ ලිනෙට් සහ සිමියන්ගේ විවාහ මංගලෝත්සවය පවත්වමින්. සිමියන් සමඟ විවාහ ගිවිසගෙන සිටි ජැකලින් අතහැර සිමියන් ලිනෙට් සමඟින් විවාහ දිවියට එළැබෙන අතර මෙම අනගි විවාහ උත්සවය සඳහා හර්කියුල් පයිරෝ ද සහභාගී වනවා. ඉතින් මේ ආකාරයෙන් විවාහ මංගල්‍යය පවත්වනන අතර මේහිදි සිදුවන්නේ තවත් පුදුම දෙයක්. සිමියන් සමඟ පෙර ආදරයෙන් විවාහ ගිවිස ගෙන සිටි සහ ලිනෙට් ගේ මිතුරිය වන ජැකලීන්ද මේ සඳහා සහභාගී වීමයි. ඉතින් මේ ජැකලීන්ගේ ආගමනයත් සමඟ තමයි Death On The Nile උද්වේගකර අවස්ථාවට පැමිණෙන්නෙ. ඇය පැමිණීමෙන් ඇයගේ සිතේ පවතින වෛරය, ක්‍රෝධය, ඊරිසියාව හොඳින් පිළිඹිබු වනවා. ඉතින් ජැකලීන්ගේ පැමිණීමෙන් පෙන්වන්නේ ලිනෙට් ගේ සහ සිමියන්ගේ විවාහය හේතුවෙන් ඉන් පළිගැනීමට පැමිණි යක්ෂණියක් ලෙසයි. කෙසේ හෝ ලිනෙට්ගේ සහ සිමියන්ගේ මධුසමය ගතකිරීමේ සාදය නයිල් නදියේ සුඛෝපබෝගී නැවක් තුළ ගමන් කරමින් සිදු කිරීමට කටයුතු කරනවා සූදානම් කරනවා. මේ නැවට එම විවාහ මංල්‍යට සහභාගී වූ ලිනෙට් ගේ සමීපතමයින් සිටින අතර ඒ අතර හර්කියුල් පයිරෝද, ජැකලින්ද වනවා. ජැකලින්ද මේ මුහුදු ගමනින් වර්ණවත් වන මධුසමයට සහභාගී වීම වඩාත් විශේෂයි. අනතුරුව මේ පිරිස නැවට ගොඩවීමෙන් අනතුරුව මධුසමය උතසවාකාර්ශයෙන් පවත්වනවා. මෙහිදී එක් රාත්‍රියකදී විශේෂ සිදුවීමක් සිදුවනවා. මෙම සිදුවීම ප්‍රමුඛ කරගෙන මෙම Death On The Nile කතාවේ වැදගත්ම සන්දිස්ථානය ඇරඹෙනවා. Death On The Nile කී පමණිනින්ම ඔබට වටහා ගත හැකියි සිදුවන්නේ කුමක්ද යන වග. නයිල් නදියේ සිදුවන මිනීමැරුමක් බව ඔබට කළින්ම සැක පහළ වන්නට පුළුවන්.

ඇත්තෙන්ම මෙම නැවේ එක් රාත්‍රියකදී ජැකලීන් සහ සිමියන් අතර බහින් බස් වීමක් දුරදිග යනවා. මේ බහින් බස් වීම සිදුවන අවස්ථාවේදී ලිනෙට් සිටින්නේ නිදියහනේ සුව විදිමින්. මේ බහින් බස් වීම වඩාත් දුර දිග යන්නෙ සිමියන් ජැකලීන්ව පහත් කොට කතා කරමින් සිටින නිසා සහ ජැකලීන්ගේ ක්‍රෝධය තව තවත් ඒ වචන හමුවේ ගිනි පුළිගු සේ දැවෙමින් පවතින නිසාය. ඉතින් එක් වරම මේ බහින් බස් වීමේදී ජැකලීන් තමා පෙර ලෙස තවමත් ආදරය කරන සිමියන්ට වෙඩි තබයි. නමුත් ඇය වෙඩි තබන්නේ ඔහුගේ පාදයට නිසා සිමියන්ගේ ජීවිතයට හානියක් සිදුවන්නේ නෑ. ඉතින් මේ අවස්ථාව්වේදීම තවත් ඛේදවාචකයක් මේ නැවතුළ සිදුවනවා. ඒ තමයි නිදි යහනේ සුව විදි ලෙනෙට් සදහට නිදිසුව විදීම. ඉතින් ලිනෙට්ව ඒ රාතියේ නිදි යහනේම ඝාතනය කළේ කවුද යන්න මහත් ප්‍රෙහෙළිකාවක් මවන්නේ, ඒසේ ඇයව මරා දැමීමට ප්‍රධාන වශයෙන් සැක පහළ වන තැනැත්තිය වන ජැකලීන් ඒ මොහොතේ සිමියන්ගේ කකුලට වෙඩි තැබිමෙන් අනතුරුව ඇයව බවර්ස් මහත්මියගේ කාමයේ නවතා තබා, බවර්ස් මහත්මිය ජැකලින්ට නිදි පෙති ලබාදී ඇයව තද නින්දකටද පත් කර ඇති නිසාවෙනි. බවර්ස් මහත්මියද වගකීමෙන් යුතුව පවසා සිටියේ ලිනෙට් ඝාතනයට ලක් වුණු වෙලාවේදී ජැකලීන් සම්පූර්ණයෙන්ම තම කාමරයේ සිටිය බවයි. ඉතින් මේ හේතුව නිසා කතාවෙ අභිරහස් රසය හා කුහුල වඩ වඩාත් ත්‍රීව වන්නේ සුප්‍රසිද්ධ රහස් පරීක්ෂක හර්කියුල් පයිරෝටද මේ මිරීමැරුම සිදු කළ අපරාධකාරයා කවුරුන්ද යන්න පිළිබඳ ගැටලුව උභතෝකෝටිකයක් කරමිනි.

Death On The Nile හී ප්‍රධාන සිද්ධි දාමය එසේ ගලා ගොස් මීළගට සිදුවන්නේ හර්කියුල් පයිරෝගේ පරීක්ෂණ කටයුතු ඇරඹීමයි. ඉතින් ඔබ සිතන්නෙ මේ නයිල් නදියේ සිදුවූ එකම ඝාතනය කියාද? තවත් ඝාතන දෙකක් සිදුවෙමින් ඝාතන ත්‍රිත්වයක අභිරහසක් විසඳීමට පයිරෝට සිදුවී ඇත. ඔබ සිතන්නෙ සුප්‍රසිද්ධ හර්ක්‍යුල් පයිරෝ අභිරහස විසඳයිද? මෙම ඝාතන ත්‍රිත්වයේ අපරාධකාරයා කවුරුද? ජැකලීන් පිළිබදව සැක පහළ වූවද ඇය සැක කීරීමට තරම් සාක්ෂි පයිරෝට නොළැබෙන්නෙ ඇයි? මේ කුහුල සපිරුණු Death On The Nile හොළිවුඩ් චිත්‍රපටය ඔබත් නරඹා නයිල් නදියේ සැබෑ ඝාතකයා ඔබත් සොයාගන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *