Allied.. Allied කියන්නේ අපව කම්පනයට පත්කරන ආකාරයේ චිත්‍රපටයක්. මේ චිත්‍රපටය නැරඹීමෙන් අනතුරුව ඇතැම් විට ඔබගේ බිරිඳ ගැන ඔබට සැක පහළ වන්නටත් පුළුවන්. මේ කතාවේ සිදුවන සිද්ධි දාමයට අනුව මෙහි ප්‍රධාන චරිත නිරූපණය කරන යුවල හමුවීම ඔබ සිතන ආකාරයට එය වාසනවක්ද? නැතිනම් අවාසනාවක්ද? ඔබටම එය භාර කරමින් අද සටහන Allied.

හිට්ලර්ව බොහෝ දෙනෙක් දන්න නිසා කතාවේ කාල වකවානු ගැන කතා කිරීම තවත් පහසුයි. මේ කතාව දිව යන්නේ ඇඩොල්ෆ් හිට්ලර්ගේ ආක්‍රමණ පැවති කාල වකවානුවක.
ඇත්තෙන්ම වර්ෂ විදියට සැලකුවොත් ඒ 1942 වර්ෂය. මං කළින් මතක් කළා යුවලක් ගැන. මේ යුවල තමයි මේ කතාවේ ප්‍රධාන චරිත ද්විත්වය. මෙහි ආරම්භයම හරි අපූරූ සිදුවීමක්. මේ 1942 වර්ශයේදී මැක්ස් වැටෑන්(Max Vatan) නමින් හඳුන්වන බුද්ධි අංශ නිළධාරියෙකුට විශේෂ මෙහෙයුමක් ලැබෙනවා. මේ මෙහෙයුමේදී මැක්ස් වැටෑන්ට ලැබෙන කාර්‍යය භාරය තමයි කැලැසබ්ලැන්කා යන ප්‍රදේශයේදී ජර්මානු තානාපතිවරයාව ඝාතනය කිරීම. ඉතින් මේක සාමාන්‍ය මෙහෙයුමක් නෙමෙයි, මොකද මේ මෙහෙයුම දියත් කරන්න යොදා ගන්නේ හරි අපූරු සැලැස්මක්. ඉතින් ඒ සැලැස්ම නිසාම කතාවේ කුතුහලය තව තවත් ප්‍රේක්ශකයාට සමීප කරනවා. ඉතින් මොකක්ද මේ අරුම පුදුම සැලැසුම.

මේ මැක්ස් වැටෑන් කැලැසබ්ලැන්කා වලට එන්නේ මේ සැලැස්මේ පළමු පියවර විදිහට තම බිරිඳ මුණගැසෙන්න. කතාව නොබලපු ඔබ බලනවා ඇති ජර්මානු තානාපති ඝාතනය කරන්න බිරිඳගේ ඇති අවශ්‍යතාවය මොකක්ද කියලා. ඇත්තෙන්ම මේ මුණගැසෙන්නේ මැක්ස් වැටෑන් වගේම මේ මෙහෙයුම් සැලැස්මේ සිටින අනෙක් පාර්ශ්වය. ඒ තමයි මැක්ස් වැටෑන්ගේ බිරිඳ විදිහට මේ මෙහෙයුමේදී රඟදක්වන මරියාන් බියුසෙජර් (Marianne Beausejour).ඉතින් මැක්ස් වැටෑන්ට මේ හමුවූ මරියාන් ඔහුගේ බිරිඳ ආකාරයට මේ කැලැසබ්ලැන්කාහිදී හැසිරෙමින් තම මෙහෙයුම දියත් කරනවා. මැක්ස් වැටෑන් කියන්නෙ ඉතා නිශ්ෂබ්ද චරිතයක්. ඉතින් මේ ජර්මානු තානාපතිවරයා ඝාතනයට අවශ්‍ය කරන අවස්තාව එළෙබෙනතාක් මැක්ස් හා මරියාන් ගේ ව්‍යාජ රංඟනය ඉදිරියටම රැගෙන යනවා. ඉතින් මේ දෙපළ ඇත්තටම බොරු රංගනයක්ද කළේ? කතාව නරඹන විට නිරායාසයෙන්ම අපට දැනෙන ගැටලුවක්. කෙසේ හෝ මේ මෙහෙයුම අවසානයේ කතාවේ නිමාව සිදුවන්නෙ නෑ. ඉන් අනතුරුව කතාව නව ආරම්භයක් සිදුවෙනවා. මේ කාලය කෙතරම් මිනිසුන්ගේ සිත් වෙනස් කරනවාද? කෙතරම් මිනිසුන්ගේ සිත් පැහැරගන්නවාද? ඉතින් මැක්ස් වැටෑන් සහ මරියාන් බියුසෙජර්ගේ ව්‍යාජ ආදර කතාවට තිත තබමින්, දෙපළම යුග දිවියට පැමිණෙන්නේ, කැස්සයි ආදරයි හංගන්න බැරිබව අපට මතක් කරමින්.

ඉතින් හා හා පුරා කියලා තම යුග ගමන අරඹන මැක්ස් හා මරියාන්ට තම කුළුදුල් දැරියගේ උප්පත්තිය ලැබෙන්නේ දෙදෙනාගේ ආදර අන්දරය තවත් ශක්තිමත් කරමින්.
ඉතින් කෙසේ හෝ මේ දෙපල තම සුන්දර සරල පවුල් ජීවිතය ගෙන යන අතරේ මැක්ස් වැටෑන්ට එක්වරම පණිවඩකරුවෙකු වන ජෝජ් යම් දැනුම් දීමක් සිදුකරනවා. එහෙදි ඔහු පවසන්නෙ V අංශයට ඔහුව මුණගැසීමට අවැසි බවයි. නමුත් කිසිදු හේතුවක් ඔහුට පවස්න්නෙ නෑ. ඉතින් V අංශයට යන මැක්ස්ට දැන ගන්න ලැබෙන්නෙ ඔහුගේ සිත අදහාගත නොහැකි ඉතාමත් වැදගත් තොරතුරක්. ඔවුන් ප්‍රකාශ කරනවා මැකැස් වැවෑන්ගේ බිරිඳ තවමත් ජර්මානු ඔත්තුකාරියක් විදිහට ක්‍රියා කරමින් රහස්‍ය ඔත්තු සපයන බව. මෙය ඇසූ මැක්ස් ඉතාමත් කළබලයටත් කලහකාරීත්වයටත් පත්වන්නේ එය ඔහුට කිසිසේත්ම පිළිගත නොහැකි බැව් පෙන්වමිනි. ඉතින් කතාවේ කුතුහලය නැවතත් තීව්‍ර කරමින් මැක්ස් තම බිරිඳගේ මේ අරුම පුදුම ඔත්තු සේවාව ගැන සොයා බැලීමට සැරසෙන්නෙ කිසිසෙත්ම ඇය ගැන සැක සංකා පහළ කොට නොගනිමිනි. ඉතින් ඇත්තෙන්ම මරියාන් බියුසෙජර් ජර්මානු ඔත්තුකාරියක්ද? මැක්ස් වැටෑන් ඉන්නේ උගුලකද? ඊට පසු සිදුවන ඔබ කිසිසේත්ම නොසිනත ආකායේ සිදුවීම මොකක්ද? ඉතින් මෙය කියවන ඔබටත් කළ්පනාවනවා ඇති මෙය සත්‍යක්ද අසත්‍යක්ද වන බව. ඔබටත් මෙහි ඇත්ත නැත්ත දැනගැනීමට අවැසීනම් ඉක්මණින්ම Allied නරඹන්න.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *