යුද්ධ සියල්ලටම වඩා පවුලේ යුද්ධය වඩා උඩින් බව අපි සෑම සියලු දෙනාම අත්විදින කාරණයකි. භාෂා 4කින් තිරගත වුණු ධර්ම යුද්ධය චිත්‍රපටය ප්‍රෙක්ෂක ජනයාට තවත් එක් නොමැකෙන සනිටුහනක් එක් කළ විශිෂ්ට සිනමා නිර්මාණයකි. ප්‍රවීන රංගන ශිල්පී ජැක්සන් ඇනතනී මහතා ප්‍රධාන චරිතයට පණ පවූ මෙම ධර්ම යුද්ධය සිංහල කතවේ හින්දි බසින් නිර්මාණය කෙරුණු කතාව Drishyam හි දෙවැනි කතාව වන Drishyam 2 පිළිබඳව ශ්‍රී ලාංකික සිනමා ලොලීන් අතර වැඩි අවධානයක් එක්කරමින් ඇත්තේ Drishyam 2 හී සිංහල චිත්‍රපටය ශ්‍රී ලාංකික රසික රසිකාවියන් හට නැරඹීමේ අවස්ටාව හිමිවේදැයි කුතුහලය ඇති කරමිනි.

Drishyam 2 පසුගිය 2022 වසරේ නොවැම්බර් 18 වන දින ඉන්දියාවේදී සිනමාහල් උතුරවමින් තිරගත වීම ආරම්භ විය. Drishyam එසේත් නොමැතිනම් ඔබට හුරු පුරුදු ධර්ම යුද්ධයේ අවසානය සනිටුහන් වුණේ මෙහි එන සිංහල කතාවට අනුව “හරිස්චන්ද්‍ර” පවුල කළ මිරීමැරුම සඟවාගනිමින් අනූනමයෙන් තම දිවි බේරා ගනිමිනි. එහි අවසානයේ හරිස්චන්ද්‍ර නැමැත්තා ඝාතනයට ලක් වූ තරුණයාගෙ මිනිය රහසිගතව අලුතෙන් ඉදිකරමින් තිබූ පොලිස් මූලස්තානයේ වළ දැමීමේ කටයුතු සිදුකිරීමේ සිද්ධිදාමයෙන් පළමු කතාවේ අවසාන සනිටුහ කරයි. නමුත් එය Drishyam 2 හි සාර්තක ආරම්භයකට මඟපාදා ගන්නා Drishyam හී අධ්‍යක්ෂක අභිෂේක් පතක් (Abhishek Pathak) මෙම චිත්‍රපටයට නවමු මුහුණුවරක් එක් කරමින් සිනමාලෝලීන් හට Drishyam හී ආ ත්‍රාසජනක, කුතුහලය සපිරුණු අත්දැකීම් නැවතත් එක් කරයි. Drishyam 2 හරහා එලෙස ගෙන එන කතාවේ රසය අත් විදීමට ඔබටත් Drishyam 2 හින්දි බසින් ආ චිත්‍රපට නැරඹීමෙන් හැකිවෙයි.

ආමිල් කීයන් ඛාන් (Aamil Keeyan Khan), අභිෂේක් පතක් (Abhishek Pathak) විසින් තිර රචනය කළ චිත්‍රපටයේ නිශ්පාදන දායකත්වය ඉන්දියානු රුපියන් කෝටි 50 යොදවමින් භූෂන් කුමාර (Bhushan Kumar),ක්‍රිෂාන් කුමාර (Krishan Kumar), කුමාර් මන්ගට් පතක් (Kumar Mangat Pathak),අභිෂේක් පතක් (Abhishek Pathak) විසින් දරා ඇත. මෙහි සංගීත නිර්මාණය දේවි ශ්‍රී ප්‍රසාද් (Devi Sri Prasad) විසින් නිර්මාණය කර ඇත. අජේ දේව්ගන්, අක්ෂේ ඛන්නා, ටැබූ, ශ්‍රියා සරන්, ඉෂිතා දත්තා ගේ විශිෂ්ට රංගන ප්‍රතිභාවෙන් හැඩවෙන Drishyam 2 චිත්‍රපටය Prime Video වුවද ඔබට නැරඹීමේ පහසුකම ලබාදී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *