උල්කාපාත, ධූමකේතු , වල්ගා තරු මේ වගේ අහසේ චමත්කාරය මවන ග්‍රහ වස්තු ගැන අහන්න දකින්න බොහෝ දෙනෙක් කැමැතියි. නිකමට හිතලා බැලුවොත් මේ උල්කාපාතයක් රාත්‍රී අහසේ ගමන් කරන දර්ශනයක් ඔබ දුටුවනම්? එය ඉතාමත් චමත්කාරයි නේද?. ඉතින් ඒ චමත්කාරයේ රැගෙන පැමිණෙන ලෝක විනාශයකට අතවනන උල්කාපාතයක් හා සම්බන්ධව යන අපූරු ප්‍රහසන ගණයේ සිනමා නිර්මාණය තමයි Don’t Look Up කියන්නෙ.

ප්‍රහසන? ප්‍රහසන නිර්මාණ ඔබ ඕනෑතරම් ආසා හා දැක ඇති. නමුත් මේ Don’t Look Up චිත්‍රපටය Black comedy ගණයට අයත් වන Comedy/Disaster වර්ගීකරණයට අයත් සුවීශීෂි කතාවක් අඩංගු චිත්‍රපටයක්. Black comedy ගැන කියන වින ඇතැම් පිරිස් ඒ පිළිබඳව නොදන්නවා වන්නට පුළුවන්. සරලවම Black comedy කියන්නෙ සාමාන්‍යයෙන් ප්‍රහසනයකට නොයොදාගන්නා, ප්‍රහසන කිරීමට තහනම් අංග යොදා ගනිමින් සිදු කරන කතා සඳහායි. Don’t Look Up කතාවේ අධ්‍යක්ෂ ඇඩම් මැකේ (Adam McKay) පියවරක් ඉදිරියට තබමින් ලෝක බලවතා වන ඇමෙරිකානු ජනාධිපතිවරයා උපහාසයට ලක් කරමින් මේ කතාවේ ප්‍රහසන මතු කිරීමට උත්සහ දරා ඇත. මේ කතාවේ ප්‍රධාන චරිත දිත්වයට පණ පොවමින් ඇකඩමින් සම්මානය ලැබු සුපිරි හොලුවුඩ් නළු ලියනාඩෝ ඩිකැප්රියෝ සහ සුපිරි හොලුවුඩ් නිළි ජෙනිෆර් ලෞරන්ස් මෙහි එන ඇමෙරිකානු අභ්‍යාවකාශ විද්යාඥ ආචාර්ය රැන්ඩල් මින්ඩි ලෙසත් හා අභ්‍යාවකාශ පරීක්ශකවරියක් වන කේට් ඩිබියාස්කි ලෙසත් තම රංගනය ඉදිරිපත් කරයි.

Don’t Look Up කතාවේ සිදුවන්නෙ කුමක්ද? මෙම කතාව වෙනස්ම ආකාරයක කතා ගැලීමක් කිව්වොත් නිවැරදී. මුළින්ම කියන්න ඕන මෙම Don’t Look Up චිත්‍රපට වැඩිහිටියන්නට පමණක් සුදුසු දෙබස් හා දර්ශන සහිත චිත්‍රපටයක්. මේ කතාවේ පෙර සඳහන් කළ අභ්‍යාවකාශ පරීක්ශකවරියක් වන කේට් ඩිබියාස්කි ආභ්‍යාවකායේ චන්ද්‍රිකා චායාරූප නිරීක්ෂණයේ යෙදෙන විටදී අහඹුවකින් මෙන් යම් ග්‍රහක කැබැල්ලක් දකිනවා. ඉතින් මේ පිළිබදව සේවීම කරන මේ කේට් සොයා ගන්නේ මෙය ඉතාමත් වේගයෙන් කඩාවැටෙන උල්කාපාත කැබැල්ලක් බවයි. මේ නවතම සොයා ගැනීම ගැන සතුටට පත්වන කේට් අභ්‍යාවකාශ විද්යාඥ ආචාර්ය රැන්ඩල් මින්ඩි හට මේ පිළිබඳව දැනුම් දෙනවා. ඉතින් මේ නව සොයා ගැනීම පිළිබඳව ආචාර්ය රැන්ඩල් මින්ඩි සහ කේට් ඉතාමත් සතුටින් පසුවනවා. නමුත් මේ සතුටු මොහොත පවතින්නෙ ඉතාම සුළු වේලාවකට පමණයි. මොකද ආචාර්ය රැන්ඩල් මින්ඩි මේ කඩන් වැටෙමින් පවතින ග්‍රහක කැබැල්ල පිළිබඳව තවත් තොරතුරක් අනාවරණය කර ගන්නවා. ඉතින් මේ අණාවරණය කරගන්නා තොරතුර අනුව තමයි ආචාර්ය රැන්ඩල් මින්ඩිගේ සහ කේට්ගේ සතුටු සාමීචියට මරු පහරක් වදින්නේ. ඒ තමයි මේ ඇඳවැටෙමින් ඇති උල්කාපාතය කතාවට අනුවනම් මෙම ධූමකේතුව පෘතුවිය දෙසට මාස හයකුත් දින දහයකුත් ඇතුළත කඩා වැටෙන බවයි. ඒ විතරක් නෙවෙයි මේ ධූමක්කේතුව විශාලත්වය ආසන්න වශයෙන් කිලෝමිටර 10 පමණ පළලකින් යුක්තයි. ඔබත් නිකමට මවලා බලන්න එවරස්ට් කන්ද තරම් විශාල ධූමකේතුවක් පෘතුවියට ඇඳෙනවා කීවාම ඇතිවෙන හැඟීම.ඉතින් ඒ අනුව ආචාර්ය රැන්ඩල් සහ කේට් දෙදෙන මේ විනාශකාරී ධූමකේතුව පිළිබඳව දැනුම් දීමට ඇමෙරිකානු ජනාධිපති වෙත යනවා. නමුත් මෙහි ජනාධිපතිවරියක් කීවොත් වඩාත් නිවැරදි. මොකද මීට ඇමරිකානු රංගන ශිලිපිනී මෙරිල් ස්ට්රීප් ජනාධිපතිවරිය ලෙස තම රංගනය ඉදිරිපත් කරනවා.

ඉතින් මේ ආචාර්ය රැන්ඩල් සහ කේට් ආචාර්ය ටෙඩී ඔග්ලෙතෝර්ප් ගේ උපකාර අතැතිව මේ තමන් සොයාගත් නව සොයාගැනීම ගැන පැවසීමට ජනාධිපති කාර්‍යයාලයට පිවිසෙනවා. නමුත් එතැනදී සිදුවන්නේ තවත් අපුරු සිදුවීමක්. මේ තරම් වටිනා එහෙමත් නැතිනම් මේ තරම් විශාල අවධානමකට මුළු ලෝකයම මුහුණපා ඉන්න අවස්තාවකදී ජනාධිපතිවරයා මුණගැසීමේ අවස්තාව ඔවුනට අහිමිවනවා. මේ සිද්ධියේදී මෙම කතාවෙන් ප්‍රේක්ෂකයාට පෙන්නවා දෙන්නෙ මේ තරම් ඉහළ බලයක් ඇති ඇමෙරිකානු ජනාධිපතිවරයා පවා තමා වගකිව යුතු දේවල් පැහැර හරින බවට දෙන සියුම් පණිවුඩයක්. කෙසේ හෝ පසු දින ජනාධිපතිවරයා මුණ ගැසීමේ අවස්තාව රැන්ඩල් සහ කේට් දෙදෙනට හිමිවනවා. මේ අවස්තාවෙදී ජනාධිපති කාර්‍යයාලය තුළ සිදුවන්නෙද ප්‍රහසනක්. ඊට හේතුව මෙ සිදුවන්නට යන්නා වූ ඛේදවාචකය පිළිබඳව කොතරම් එහි බරපතලකම පිළිබඳව රැන්ඩල් සහ කේට් ජනාධිපතිවරියට පැහැදිලි කිරීමට උත්සහ ගත්තද එහි කිසිදු ඵලක් නොවීමයි. ජනාධිපති ඇතුළු කාර්‍යය මණ්ඩලය එය හුදෙක් විහිළුවක් ලෙස ගනිමින් රැන්ඩල් සහ කේට් උපහාසයට ලක් කරනවා. ඔවුන් ඒ මොහොතේදීත් කතාබහ කරන්නෙ ඉදිරියට පැමිණෙන චන්ද ව්‍යාපාරය ගැනයි. මෙය Black comedy අවස්තාවකට හොඳම නිදසුනක්.

ඉතින් මේ ආකාරය ගලා යන Don’t Look Up කතාවේ සිද්ධි දාමයන් බොහෝමයක් එක් කරමින් මිනිත්තු 145 විශාල ධාවන කාලකින් කතාව සමන්විත වනවා. මෙහිදී ඉන් අනතුරුව සිදුවන ආචාර්ය රැන්ඩල්ගේ විවාහය කඩාකප්පල් වීම, කේට්ගේ රැකියාව අහිමිවීම, ජනාධිපතිවරියගේ වගකීම් රහිත හැසිරීම. ලෝකයේ ඉහළම ධනවතුන් තම ධනය සහ තාක්ෂණය යොදවමින් ධූමකේතුවේ ඇති වටිනා කැබලි සොරාගැනීම්ට යොදන ආත්මාර්ථකාමී ප්‍රයත්නයන්, ඒ අතර සමාජ ජාලා ඔස්සේ ඇතිවන නොයෙකුත් ප්‍රචාර, ඒ අනුව වගකීම් විරහිතව හැසිරෙන තරුණ ප්‍රජාව පිළිබඳවද මේ Don’t Look Up චිත්‍රපටයේ පෙන්විමට උත්සහ දරා තිබෙන්නේද ප්‍රහසන ආකාරයෙන්. ඉතින් මේ චිත්‍රපටය ඔබ ඉක්මණින්ම නරඹා ධූමකේතුවක් මුලු ලොවක් විනාශය කරා ගෙන යන ආකාරය දැකබලා ගැනීමට හැකිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *