සියත නාලිකාවේ විකාශය වන රේස් ටෙලි නාට්‍ය මේ දින වල ඉතාමත් ජනප්‍රිය ටෙලි කතාවක්.සතියේ දින පහෙම රේස් සියත නාලිකාවේ විකාශය වනවා.දේශිත නසිරාව බොරු කියමින් අම්මා මුණ ගැසීමට එක්කගෙන යනවා.කිසිවක් නොදන්නා නසිරා දේශිතගේ මව මුණගැසීමට යනවා.ඉන්පසු නසිරාගෙන් දේශිතගේ මව විස්තර දැනගෙන සිටිනවා.පසුදින සිට නසිරා හට දේශිතගේ අම්මා වැඩට එන ලෙස කියනවා.එතැනදි දේශිත හට ඇයට අම්මා ලෙස කියැවෙනවා.දේශිත දෙස නසිරා පුදුමයෙන් බලා සිටිනවා.ඉන්පසු ඇය මෙතැනට එනතෙක් ඒ සිටින්නේ අම්මා බව නසිරා නොදන්නා බව පවසනවා.ඔවුන්ගේ සම්බන්ධය මාස හය තුල තිබිය නොහැකි බව දේශිතගේ අම්මා පවසනවා. රයන්,රාදික හා ශෙරිල් උවිඳු සමඟ ඇති රේස් එක ගැන කල්පනා කරනවා.ඉන්පසු කෙසේ හෝ උවිඳුව පරාදකරවන ලෙස පවසනවා.උවිඳු නිවසක් බැලීමට යනවා.ඉන්පසු නිවසේ අයිතිකරු උවිඳුගෙන් සිටින්නේ කොහේද කියා විමසද්දි උවිඳු මහවත්තේ කියා පවසනවා.

කෝප වන උවිඳු නිවස එපා යැයි පවසා එතැනින් එන්න හදනවා.ඉන්පසු නිවසේ අයිතිකරු ඔහුව නවත්වනවා.අම්මා හමුවී දේශිත නසිරාව නිවසට දැමීමට යනවා.දේශිතගේ මව ඇයට අකමැති බව දන්නා බව පවසනවා.මේඝා ආරණ්‍යා හට උවිඳු ගැන පවසනවා.උවිඳු එසේ මේඝා සමඟ රණ්ඩු වන්නේ ඇයට ආදරයක් ඇති බව පවසනවා.මේඝාගේ නමට ලියුමක් එනවා.ඉන්පසු එය දකින ආරණ්‍යා මේඝා හට ඇමතුමක් දී ඉක්මනින් එන ලෙස පවසනවා.පසුදින නසිරා දේශිතගේ අම්මා සමඟ වැඩ කිරීමට යනවා.රේස් එකට යාමට උවිඳු ගිම්හානිගෙන් අවසර ඉල්ලනවා.නමුත් ගිම්හානි එයට අකමැති වනවා.රේස් එකට උවිඳු ප්‍රමාද වීම ගැන රයන් හා රාදික පැමිණ උවිඳුගේ යහළුවන් හට විහිළු කරනවා.ඉන්පසු ඔවුන් සිටින තැනට උවිඳුපැමිණෙනවා.මේඝා හට ආ ලියුම අම්මාගෙන් බව මේඝා දැනගන්නවා.ඉන්පසු එහි ලියා ඇත්තේ තමා පිටරටකට යන බවයි.උවිඳු හා රාදික අතර ඇති තරඟයෙන් රාදික පරාද වනවා.ඉන්පසු රාදික හට කේන්ති යනවා.එතැනට පැමිණෙන උවිඳු රාදික හට බැන එතැනින් යනවා.මේ අතර මේඝාගේ අම්මා සඟවා සිටින මහේෂ් ඇයව නිදහස් කරන්නම් කියා කියනවා.පසුදින උදෑසන උවිඳු පැමිණෙනවා.රන්දුලි හමුවීමට එන එෂාන් ඇය සමඟ ටික්ටොක් එකක් කරන විට එතැනට පැමිණෙන ඉරෝෂ් ඔහුට පහර දී ඔහුව එතැනින් රැගෙන යනවා.උවිඳු අළුතින් කුලියට ගත් නිවසට ඔහුගේ අම්මා තාත්තා හා පවුලේ අයපැමිණෙනවා.ඉන්පසු ඔවුන් ගේ බැලීමට යනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *