සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..ඊෂාව මුණගැසෙන්නට පැමිණෙන විශාල් , ඔහු පාටිය තිබු දිනයේ ඔහු ඊෂා සමඟින් කතා කරමින් සිටින විට එතැනට අචිනි එයි කියා කොහෙත්ම සිතුවේ නැති බව පවසද්දී එතැනට අචිනි පැමිණිය එක ඇයට ප්‍රශ්නයක් නොවන බවත් නමුත් අචිනි කියන්නේ ඔහුගෙන් කවුරුන්ද කියාත් ඊෂා විමසමින් ඇයට ඔහුගේ ෆොන් එක උඳුරා ගන්න තරමටම තියෙන අයිතිය කුමක්ද කියාත් විශාල්ගෙන් අසනවා.ඉන්පසු අචිනිට කිසි අයිතිකයක් නැති බවත් එම සිද්ධියෙන් පසු ඔහු ඇයට හොඳටම බැනපු බවත් විශාල් කියද්දී එ කියන්නේ ඔහුට ඔහු ගැන තනිව තීරණයක් ගන්නට බැහැ කියන එකද කියා ඊෂා අසද්දී එසේ බැරිකමක් නැති බවත් ඔහුව ගෙදර අම්මා තාත්තා නිසා හිර වී ඇති බවත් මේ සියළු දේ රයිසින් ස්ටාර්ස් ඉවර වනතුරු පමණක් බවත් විශාල් පවසමින් ඉන්පසු අචිනිගෙන් ප්‍රශ්නයක් වෙන්නේ නැති බව විශාල් පවසා සිටිනවා. ඉන්පසු ඔහුට කොහොමත් ඇයව අත් හරින්නට වෙයි කියාත් ගෙදරින් ඔහුට අචිනිව මැරි කරන්න කියා කියන නිසා ඔහුට ඊට කැමති වෙන්නට වෙයි කියාත් ඊෂා පවසනවා.

විශාල් හමුවීමෙන් පසු රෙහානාව හමුවන්නට එන ඊෂා ඇය සමඟින් විශාල්ගේ පාටිය තිබුණු දවසේ සිදු වු සිද්ධිය ගැනත් ඇය විශාල් සමඟින් කෝල් එකේ සිටියදී අචිනි පැමිණ ඔහුගේ දුරකථනය බලෙන්ම ගෙන ඇයට බැන වැදුන බවත් කියමින් සිදු වු සියළු විස්තරය රෙහානි සමඟින් කියමින් සිටිනවාත් සමඟම අචිනි ඔවුන් දෙදෙනා ළඟට පැමිණ රැට රැට අනුන්ගේ කොල්ලන් එක්ක කතා කරන්නට එපා කියා ඊෂාට තේරුම් කර දෙන්න කියා අචිනි කියද්දි ඇය කියනා දේවල් අසා ගෙන ඉන්න බැරිම තැන ඊෂා, ඇය කවදාවක් අනුන්ගේ කොල්ලෝ සමගින් කතා කර නැති බවත් ඇය කතා කරන්නේ ඇගේ පෙම්වතා සමඟ බවත් එය ඇයට ප්‍රශ්නයක්ද කියාත් ඊෂා අසද්දී විශාල්ව මැරි යන්නේ ඇය බවත් ඔවුන් අතරට පැමිණ විකාර නටන්නට හැදුවහොත් ඇයට සෑහෙන්න ප්‍රශ්න වලට මුහුණ දෙන්නට සිදුවෙයි කියාත් අචිනි ඊෂාට තර්ජනය කරමින් විශාල්ගෙන් ඈත් වෙන ලෙස ඊෂාගෙන් ඉල්ලා සිටිනවා.ඉන්පසු ඇයට ඕනේ නම් විශාල්ට ඒ ගැන කියන්න කියාත් ආදරේ කියන්නේ බලෙන් ලබා ගන්න පුළුවන් දෙයක් නොවන බවත් ඊෂා අචිනිට පැහැදිලි කර දෙනවා.

මේ වේලාවේ වින්ඩි යළිත් තරුපති ගැන අගස්තිගෙන් අසමින් ඔහු ගැන ඇයට දැනගන්නට අවශ්‍ය බව වින්ඩි පවසද්දී තරුපති කියන්නේ ඔහුගේ යහළුවකු නොවන බවත් දිගින් දිගටම එලෙස ඔහුගෙන් එකම දේ ගැන අසන්නට එපා කියාත් අගස්ති කෙන්තියෙන් මෙන් පවසද්දී ඇයට කාව්‍ය කතා කර බවත් ඇය කියන්නේ ඊෂා කියන්නේ තරුපතිගේම ළමයෙක් කියා බවත් පවසද්දී ඔහු මඳ වේලාවක් ඇය කියනා දේ ගැන කලකිරිමෙන් කල්පනා කරමින් සිට ඉන්පසු වින්ඩි ළඟට පැමිණ ටික වේලාවක් ඇය දෙස බලා හිදිමින් ඔවුන් විවාහයට සූදානම් වෙමු කියා අගස්ති පවසනවාත් සමඟම එම සතුට දරාගත නොහැකි වුන වින්ඩි ඔහු ළඟට දිවවිත් ඔහුව වැළඳ ගනිමින් ආදරයෙන් ඔහු දෙස බලා සිටිනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *