සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා..මේ වේලාවේ උඳුල් අසපුවේ එළියට වී ගීතයක් ගායනා කරමින් සිටින තැනට පැමිණෙන උත්තරා ඔහු ඉතාමත් ලස්සනට ගීත ගායනා කරන බව කියමින් ගීටාරය මත තිබු ඔහුගේ අත ඇගේ අත උඩට ගෙන අතගාමින් ඉන්නවාතක් සමඟ ඊෂා ඈත සිටින උඳුල් සිටින දිසාවට පැමිණෙනවා. ඒ වේලාවේ සිනාසෙමින් උඳුල්ව සොයා පැමිණෙන ඊෂා උත්තරා උඳුල්ගේ අතින් අල්ලාගෙන සිටිනවා දකිනවාත් සමගම ඇගේ මුහුණු වෙනස් වනවා. ඒ අවස්ථාවේ ඇය දුකින් වාගේ ඔවුන් දැක යන්න හදනවාත් සමඟම උඳුල් ඇයව නවතා එසේ කතා නොකරම ඇය එතැනින් යන්නට හැදුවේ ඇයි ද කියා විසනවා.ඒ අවස්ථාවේ ඊෂා අමුතුවට වාගේ ඔවුන් කතා කරමින් සිටිය නිසා ඔවුන්ට බාධා කරන්නට  ආවේ නැති බව පවසමින් ඇය තරුපතිව හමු වී පැමිණෙන්නම් කියා උඳුල්ව මඟ හැර යනවා.

ඔය අතරේ තරුපති අසපුවට යමින් සිටන අතරතුරේදී පාරේ අයිනේ නතර කර තිබු වෑන් රථයක් දැක ඔහු වාහනය නතර කර ඔහු අත තිබු කොල කැබැල්ලක් ගෙන එහි තිබු අංකය දෙස බලනවාත් සමඟම එම වාහනය අසළ සිටි පුද්ගලයා තරුපති දැක බය වී කලබලයෙන් වැන් රථයට නැග එතැනින් පිට වෙන්නට උත්තසහා කරනවා. ඒ වේලාවේ තරුපතිත් ඉතාමත් ඉක්මනින් ඔහුගේ වාහනය පසුපසින්ම ගොස් ඔහුව කොටු කරගන්නට උත්සහා කරනවා. ඒ වේලාවේ වාහනයෙන් ගොස් බේරීමට නොහැකි බව තේරුන එම පුද්ගලයා වාහනය අතරමඟ නවතා වාහනයෙන් බැස වත්තක් දිගේ ගෙවල් අස්සෙන් දිගින් දිගටම දිව යද්දී තරුපතිත් ඔහු පසු පසින්ම පැමිණ ඔහුව අල්ලා ගනු ලබනවා. ඉන්පසු ඔහුගේ බෙල්ලෙන් අල්ලා ගන්නා තරුපති ඔහුට ඇත්ත කියන්න කියාත් එසේ කියුවහොත් ඔහුට බේරී යන්නට පුළුවන් බවත් ඔහුට පහර දෙන්න කියා ඔහුව එව්වේ කවුරුන්ද කියාත් තරුපති දිගින් දිගටම විමසුවත් ඔහු එ කිසිවක් නොදන්නා බව පවසනවා.

අගස්ති ළඟට පැමිණෙන වින්ඩි ළඟදීම අගස්ති පැරිසියට යන්නට සූදානම් වන නිසා ඇයට තනිව සති දෙකක් වැනි කාලයක් ඔහු නැතිව එම නිවසේ කෙසේ ඉන්නද කියා සිතාගත නොහැකි බව පවසනවා. ඒ වේලාවේ ඔහු ගිහින් එනතෙක් ඇය වජිරාගේ නිවසේ නැවතී සිටින්නද කියා වින්ඩි විමසනවා. ඉතිං ඉන්පසු අගස්ති වජිරාට කරදරයක් නැති නම් බඑලෙස ඇය වජිරාගේ නිවසේ ගොස් නැවතී සිටියාට ප්‍රශ්නයක් නැති බව පවසනවා. ඔය වේලාවේ අගස්තිට ලංවෙන වින්ඩි ඔහු දෙස බලමින් ඇයට බයක් දැනෙන බවත් ඔහු ඉක්මනින් ගොස් එනවා නේද කියා වින්ඩි විමසනවා. මේ වේලාවේ ඔහු ඉක්මනින්ම ගොස් පැමිණෙන බවට වින්ඩිට පොරොන්දුවක් දෙමින් ඇයව ආදරයෙන් වැළඳ ගන්නවා. ඉතිං ඉන්පසුදා වජිරාව හමුවන්නට යන වින්ඩි අගස්ති පැරිසියට යන බවත් එ දින කිහිපයේ වජිරාගේ නිවසේ ඇය නැවතී සිටියාට ප්‍රශ්නයක් නැතිද කියා වජිරාගෙන් වින්ඩි විමසනවා.

ඔය අතරේ විපුලට දුරකථන ඇමතුමක් ලබාදෙන ලියනගේ පොඩි ප්‍රශ්නයක් තිබෙන බව පවසමින් තරුපති ගිවිසුම අවසන්වන තෙක් ඉඩමෙන් අයින් වීමට කැමති නැති බව පවසා සිටිනවා. ඒ වේලාවේ එය අසා කලබල වුන විපුල ඔහුට එසේ කරන්න බැරි බවත් එම ඉඩම මාස තුනක් ඇතුළත ඔහුට ලබා ගැනීමට අවශ්‍ය බවත් විපුල පවසනවා. ඔය වේලාවේ ලියනගේ විසින් විපුලට, ඔවුන් විසින් තරුපතිට පහරදුන් බව දැනගෙන ඇති බවත් තරුපති පාරේ යමින් සිටිය අතරතුරේ ඔහුට පහරදුන් වෑන් රථයේ රියදුරුව හඳුනාගෙන ඇති බවත් ඉන්පසු තරුපති ඔහු පසුපස ගොස් ඔහුව අල්ලාගෙන පහර දෙමින් එය සිදු කලේ කවුරුන්ද කියා අසා තිබෙන බවත් ලියනගේ පවසද්දී එය අසා කලබල වුන විපුල එම පුද්ගලයා විසින් ඔවුන් ගැන තරුපතිට කියායිද කියා බය වනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *