සතියේ දින පහේම හිරු ටීවි නාළිකාව ඔස්සේ  රාත්‍රී 8.30ට විකාශනය වන දිවිතුරා ටෙලිනාට්‍ය ප්‍රේක්ෂකයන්ගේ ඉතා හොඳ ප්‍රතිචාර මත ඉදිරියටම ගලාගෙන යනවා.මේ වේලාවේ තරුපතිව හමුවන්නට අසපූවට එන ලියනගේ ඔහු කිසිදින යළි වතාවක් තරුපතිට පහුගිය දින සිදු වුන කරදරයෙන් පසු සංගීතය කරන්නට හැකිවේවි කියා සිතුවේ නැති බව පවසමින් ඔහු මෙලෙස පැමිණියේ කාරණාවකත් ගැන කතා කරන්නට බව කියනවා. ඒ වේලාවේ ඔහු සිතාගෙන සිටින්නේ අසපූව තිබෙන ඉඩම හෝටලයක් සෑදීමට කෙනෙකුට ලබා දෙන්න බව පවසද්දී තරුපති විසින් ඔවුන්ගේ ගිවිසුම අවසන් වූ පසු ඉඩමට ඔනෑම දෙයක් කරන්න කියාත් එ වෙනකන් ඉඩමට කිසිදු දෙයක් කරන්න බැරි බවත් තරුපති පවසනවා.ඒ වේලාවේ ලියනගේ දිගින් දිගටම පවසා සිටියේ හෝටලය හදනා කෙනාට මෙම ඉඩම අනිවාර්යෙන්ම මාස 6ක් ඇතුළත අවශ්‍ය වන බවයි. ඒ වේලාවේ ගිවිසුමකින් ඉවත් වන්නට හැකි වන්නේ දෙපර්ශවයේම කැමැත්තෙන් බවත් එසේ නොමැතිව එය කිසිසෙත් කරන්නට බැරි දෙයක් බවත් පවසා යනවා.

මේ වේලාවේ ඊෂා සමඟින් පෙරදින රාත්‍රියේ පැවැත්වුනු රයිසින් ස්ටාර්ස් තරඟය ගැන කතා කරමින් සිටියදී වින්ඩි ඊෂාට ඉදිරියට යන්නට ඉඩ දුන්නේ ඇයි කියා සිතා ගත නොහැකි බව සමාධි පවසනවා. ඒ අවස්ථාවේ විශාල් ඇයට කතා කල බවත් ඒ වේලාවේ වින්ඩි සහ අගස්ති පෙරදින රාත්‍රියේ පාරේ රණ්ඩු වනවා ඔහු දුටු බව පැවසු බව පවසනවා. එලෙස ඔවුන් රණ්ඩු කර ඇත්තේ ඇයි දැයි සමාධි විමසද්දී ඒ ඇයව ඉදිරි වටයට යවන්නට වින්ඩි කැමති වු නිසා වෙන්නට පුළුවන් බව ඊෂා පවසනවා. වින්ඩි ඇයව එලෙස ඉිදිරයට යවන්නට කුමක් හෝ ලොකු හේතුවක් තිබෙන්නට ඕන කියා සමාධි පවසනා. ඉතිං එම නිසා ඊෂාට ඒ ගැන කල්පනාවෙන් සිටින්න කියාත් ඇය එලෙස කලේ කුමක් හෝ විස්තරයක් ඔවුන්ගෙන් දැන ගන්නට විය හැකි බවත් සමාධි පවසනවා.

ඔය අතරේ රේහානා සමඟින් කතා කරමින් සිටින වේලාවේ අගස්තිත් එ අසළට පැමිණ ඊෂා දෙස බලා මද දුරකට ගොස් යළි වතාවක් හැරී ඊෂා දෙස බලමින් ඇය ළඟට කිට්ටු වෙනවා. මේ විදියට ඇය ළඟට පැමිණ ඔහුගේ අතේ තිබු යම් කිසි පානයක් ඔහු ඇය අතට ලබා දී එය පානය කරන්න කියනවාත් සමඟම ඔහු ගැන විස්මයට පත් වී කුමක්ද සිදුවන්නේ කියා හිතාගන්න බැරිව සිටින ඊෂා එය ගෙන පානය කර ඔහු දෙස ආදරයෙන් සතුටින් බලා සිටිනවා. ඉනපසු ඇය එය පානය කල පසු අගස්ති එතැනින් පිට වෙනවා. ඉන්පසු සතුට දරාගත නොහැකිව කොපි කොප්පයත් අතේ තියාගෙන කණ්ණාඩියක් අසළට පැමිණෙන ඊෂා තමන් දෙස කණ්ණාඩියෙන් බලමින් අගස්තිව සිහි කරමින් සිනාසෙනවාත් සමඟම ඇය ඔහුගේ නම කටින් කියන්න හැදුවත් ඇගේ මුවින් වචන පිට වන්නේ නැහැ.ඇය දිගින් දිගටම එය කරන්න උත්සහා කලත් වචන පිටවුයේ නැති හෙයින් ඇය කලබල වී බයෙන් හඬන්නට පටන් ගත්තා. ඒ වේලාවේ එතැනට පැමිණෙන රේහානා දකිනවා ඊෂා යමක් කියන්නට උත්සහා කරනවා. නමුත් ඇය කියන්නට හදන්නේ කුමකක් ද කියා ඇයටත් සිතාගන්නට නොහැකිව කලබලවී ඇය ළඟින් හිඳ ඇයගේ කටහඬට කුමක්ද සිදුවුයේ කුමක් ද කියා විමසනවා. ඉතිං මේ විදියට නිදියහනේ සිට මේ සිහිනය දකින ඊෂා කෑසමින් එම සිහිනයෙන් ඇහැරී සමාධිට කතා කර ඇය දුටු සිහිනය ගැන කියනවා.

ඔය අතරේ වින්ඩි ළඟට පැමිණෙන අගස්ති ඇයට දින කිහිපයක් ඔහු නොමැතිව තනිව සිටීමට සිදුවන බව පවසමින් ඔහුට ප්‍රංශයට සංගීත ප්‍රසංගයක් සඳහා යාමට සිදු වී තිබෙන බව පවසනවා. මේ වේලාවේ ඔවුන් එලෙස සංගීත ප්‍රසංගයට ආරාධනා කර ඇත්තේ ඔහුට පමණක් බවත් එම නිසා ඔහුට එයට තනිව යාමට සිදු වන බවත් පවසනවා. මේ වේලාවේ ඇයටත් ඔහුත් සමඟින් යන්නට අවශ්‍ය බව වින්ඩි කියද්දී රයිසින් ස්ටාර්ස් තරඟාය අවසන් වු පසු නිදහසේ ඔවුන් දෙදෙනා එලෙස නිවාඩුවක් ගත කරන්නට යමු කියා කියමින් වින්ඩිව එයට කැමති කරවාගන්නවා. ඉතිං ඉන්පසු ඔහුගෙන් ඇයව දාලා යන්නේ නැති බවට පොරොන්දුවක් ලබා ගනිමින් වින්ඩි අගස්තිට එම ගමන යාමට කැමැත්ත ලබා දෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *