සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.30හිරු ටීවී ඔස්සේ විකාශනය වන Hiru super dancer තරගාවලිය මේ වෙද්දි ඉතාමත් උණුසුම්. මන්ද මේ වෙද්දි ඔවුන් අවසන් මහා තරගය සඳහා තරග වැදීමට සූදානම් වෙමින් තමයි සිටින්නේ. ඉතිං ප්‍රේක්ෂක මනාපය අනුව මේ වෙද්දි පුංචි පොඩ්ඩන් පස්දෙනෙක් අවසන් මහා තරඟයේ තරඟ වැදීම සඳහා වාසනාව උදා කරගෙන තිබෙනවා.. ඉතින් පහුගිය සතියෙ සුවිශේෂී වූ තරග වටයක් තමයි ඇරඹුනේ. ඉතින් මේ තරඟ වටේ දී අවසන් මහා තරගය සඳහා තේරී පත් වී සිටින මේ දක්ෂයින් පස් දෙනා ලංකාවේ ඉන්න ජනප්‍රිය තරු 5ක් එක්ක තමයි ඔවුන්ගේ දක්ෂතාවයන් හිරු සුපර් ඩාන්සර් වේදිකාව මත එළි දැක්වූයේ. ඉතින් පහුගිය සතියේ මේ පුංචි පොඩ්ඩන් ඔවුන්ට ලැබුණු ඒ ජනප්‍රිය තරු 5ක් සමගින් ඉතාමත් ජව සම්පන්නව ඔවුන්ගේ නර්තනාංගයන් වේදිකාව මත පෙන්වූවා..

 

ඉතිං ඒදා දවසේ තරග වැදුණු තරඟකරුවන් වන්නේ ධනුජ ඉන්දීවර සමගින් අනුෂා දමයන්ති, සුරාජ් මාපා සමග ඩේලියා, තාරුකා වන්නිආරච්චි සමඟ ක්‍රිස්ටිනා, දුෂේනි මියුරංගි සමඟ ඔකදී, පබෝදා සංදීපනී සමග මිලාන් යන තරගකරුවන් පස්දෙනයි. ඉතිං එදා දවසේ පළමුවෙන්ම මේ වේදිකාව මත නර්තනාංගය ඉදිරිපත් කළේ ධනුජ ඉන්දීවර සමගින් අනුෂායි.. ඉතින් ඔවුන් දෙදෙනා හින්දි සිනමාවේ ඇති බොහෝ දෙනා අතර ජනප්‍රිය ගීතයකට තමයි ඔවුන්ගේ නර්තනාංග ඉදිරිපත් කරනු ලැබුවේ.. ඉන්පසුව වේදිකාව මත සිය දක්ෂතාවයන් එළිදැක්වූයේ ඩේලියා සේනානායක සමගින් සුරාජ් මාපායි. ඔවුන් දෙදෙනා එදා බොලිව්ඩ් ගීත දෙකකට ඉතාමත් ජවසම්පන්න අලංකාරවත් නර්තනාංගයක් ඉදිරිපත් කරනු ලැබුවා.. තෙවනුව සිය නර්තන අංග ඉදිරිපත් කිරීමට වේදිකාවට පැමිණියේ ක්‍රිස්ටිනා සමගින් තාරුකා වන්නිආරච්චි. ඔවුනුත් බොලිවුඩයේ ජනප්‍රිය පැරණි ගීත දෙකකට සිය නර්තනාංගය ඉතාමත් අලංකාරවත් ලෙස ඉදිරිපත් කරනු ලැබුවා.. ඉතින් ඉන් පසුව වේදිකාවට පැමිණුනේ ඔකදි සමරතුංග සමග දුෂේනි මියුරංගි.. ඔවුන් දෙපළත් බොලිවුඩ් ගීතයකින් සියලු දෙනාව ආකර්ෂණය වන ලෙස ඔවුන්ගේ නර්තනාංග ඉදිරිපත් කරනු ලැබුවා. ඉතිං එදා දවසේ අවසාන තරගකරුවා ලෙස වේදිකාවේ සිය දක්ෂතාවයන් එළිදැක්වූයේ මිලාන් මාලක සමගින් පබෝදා සංදීපනී.. ඔන්න ඔය විදියට එදා දවසේ මේ තරඟ කරුවන් පස්දෙනා ඔවුන්ට හැකි උපරිමයෙන් මේ තරු පහත් සමගින් ඔවුන්ගේ දක්ෂතාවයන් එළිදැක්වූවා.. ඉතිං විසිපස් වනදා පැවැත්වෙන අවසන් මහා තරඟයේ ඒ කිරුළ ලබාගන්නේ කවුරුන්ද කියා තීරණය කරනු ලබන්නේ ප්‍රේක්ෂක ඔබේ මනාපය අනුවයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *