හිරු නාලිකාව තුළින් සෑම ඉරිදා දිනකම රාත්‍රී 7.30 ට විකාශනය වන මෙගා ස්ටාර්ස් නර්තන වැඩසටහන මේ වෙද්දි ඉතාමත් උණුසුම්.. මොකද එදා දවසෙදි අවසන් හතර දෙනා තේරීමේ වටය තමයි ඇරැඹුණේ.. ඉතිං පහුගිය සතිය තුළ දී තරඟ වැදුණු තරඟකරුවන් පස්දෙනා අතරින් එක් තරඟකරුවකුට මෙගා ස්ටාර්ස් වේදිකාවෙන් සමු ගන්නට සිදු වෙනවා එයයි තරගයේ ස්වභාවය.. එලෙස එක් තරගකරුවකු මේ තරගයෙන් ඉවත් වෙද්දි අනිත් තරගකරුවන් හතර දෙනා අවසන් මහා තරගය සදහා තරග වදිනවා.. ඉතිං ආදරණීය ප්‍රේක්ෂක ආදරය, මනාපයන් මතින් මේ තරගකරුවන් ආපු ඒ සුවිශේෂී ගමන්මග ඉතාමත්ම වෙහෙසකාරී ඉතාමත්ම දුෂ්කර, ඉතාමත්ම ධෛර්යය සම්පන්න සහ ජව සම්පන්න ගමන් මගක්.. ඒ ගමන් මගේ බාධක බිඳගෙන මේ සුපිරි තරු අද වෙනකොට ඒ විජයග්‍රාහි සිහිනේ කරා පැමිණයි තිබෙන්නේ.. ඉතින් මේ සිහිනය කරා යෑමට හැකිවන්නේ තරගකරුවන් හතර දෙනෙක්ට පමණයි… ඉතින් එදා දවසේ මෙගා ස්ටාර්ස් වේදිකාව තුළ සිය නර්තනාංගයන් ඉදිරිපත් කල ශනුද්‍රි සමඟ කවිඳු , ඉරේශා අසංකි සමඟ සලා, තරින්දි ප්‍රනාන්දු සමඟ හසින්ත , කැලුම් ශ්‍රී සමග අශානි ,ඩිස්නි රාජපක්ෂ සමග ලලිත් යන තරග කරුවන් පස් දෙනා අතුරින් එක් තරගකරුවෙක්ට අවසන් මහා තරගය සඳහා යෑමට වරම් ලැබුණේ නැහැ.. ඉතිං එදා දවසේ දී මේ තරගකරුවන් පස්දෙනා මේ වේදිකාව මත සිය දක්ෂතාවයන් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව තමයි අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබන  තරගකරුවන් හතරදෙනා ප්‍රේක්ෂක මනාපය අනුව තෝරා ගනු ලැබුවේ..

ඉතිං ඔන්න වෙනදා වගේම එදා දවසේත් විනිශ්චය මණ්ඩලයේ එක් ආසුනක් හිස්ව තැබුණා.. ඉතිං එදා දවසේ ඒ අසුන වෙනුවෙන් මේ තරගකරුවන්ට විනිශ්චය ලබාදීමට පැමිණියේ අපේ රටේ ගොඩක් ආදරේ කරන ගොඩක් ගෞරව කරන චරිතයක්.. ඇය සිංහල සිනමාවේ නිළි රැජිනයි.. නමින් ඇය මාලනී ෆොන්සේකා.. ඉතින් එදා දවසේ ඇය මේ මෙගා ස්ටාර්ස් වේදිකා මතට පැමිණෙනවත් සමගම එතැන සිටි සියලුම තරඟකරුවන් සහ විනිශ්ච මණ්ඩලයත් නැගිට ඇයට ගෞරව කරමින් ඇයව ආදරයෙන් මේ තරගය සඳහා පිළිගනු ලැබුවා.. ඇය එදා දවසේ ඇයට මෙම වැඩ සටහනට ආරාධනා කිරීම පිළිබඳ ස්තුතිවන්ත වෙමින් ඇයට විනිශ්ද මණ්ඩලයේ කෙනෙක් විදියට ආරාධනා කලත් ඇය එතැනට පැමිණියේ විනිශ්චය කිරීමට නොවන බවත් ඇය තැනට පැමිණියේ ප්‍රේක්ෂකයෙක් හැටියට බවත් සියලුදෙනා ඉදිරියේ කියා සිටියා.. එයට හේතුව විදිහට ඇය කිව්වේ මේ තරඟයේ සිටින සියලු දෙනාම දක්ෂයන් නිසා ඇයට විනිශ්චය කිරීමට අපහසු බවයි..

 

ඉතිං එදා දවසේ මේ වේදිකා මත පළමුවෙන්ම සිය දක්ෂතාවයන් එළිදැක්වූයේ කැලුම් ශ්‍රී සමගින් අශානි.. එදා දවසේ ඔහු විසින් ලංකාවේ ජනප්‍රිය චිත්‍රපටයක් වන ආදරණීය කතාවක් චිත්‍රපටයේ අපූරු ගීතයකට සිය නර්තනය ඉදිරිපත් කරනු ලැබුවා.. ඉතින් එදා දවසේ කැලුම් ශ්‍රී ට මාලනි ෆොන්සේකා මහත්මියගෙන් ඉතාමත් හොඳ ප්‍රතිචාර ලබා ගන්නට හැකි වූවා.. ඉතින් වේදිකාව මත දෙවනුවට තරග වැදුනේ තරින්දි ප්‍රනාන්දු සමගින් හසින්තායි.. ඔවුනු හින්දි සිනමාවේ ඉතාමත් ජනප්‍රිය ගීතයක් වන Dhoom 3 චිත්‍රපටයෙහි ජනප්‍රිය ගීත දෙකක් එකතු කරගනිමින් ඔවුන්ගේ දක්ෂතාවයන් පෙන්වූවා.. ඉන්පසුව මෙගා ස්ටාර්ස් වේදිකාව තුළ සිය නර්තනාංග ඉදිරිපත් කළේ ඉරේෂා අසංකි සමඟ සලායි. ඔවුන් දෙදෙනාත් එදා දවසේ ඔවුන්ගේ නර්තන හැකියාවන් පෙන්වන්න තෝරාගෙන තිබුණේ හින්දි සිනමාවේ ජනප්‍රිය ගීතයක් සහ ඇය රංගනයෙන් දායක් වුණ චිත්‍රපටයක් වන Rush චිත්‍රපටය තුළ තිබෙන ගීතයකටයි. ඉතින් හතරවෙනියට වේදිකා මත තරඟ වැදුණේ ශනුද්‍රි ප්‍රියසාද් සමගින් කවිඳු යි. ඔවුන් වෙනදා වගේම ඉතාම නිර්මාණශීලී ලෙස ඔවුන්ගේ නර්තන දක්ෂතාවයන් වේදිකා මත එළිදැක්වූ.. එදා දවසේ ඔවුන් ඔවුන්ගේ නර්තනාංගයන් ඉදිරිපත් කරන්න තෝරාගනු ලැබූ ගීතය වන්නේ පහුගිය දවස්වල ගොඩක් දෙනා අතර ජනප්‍රිය ගීතයක් වුණ ශශිකා නිසංසලා විසින් ගායනා කරන චන්ද්‍රා පායන්න ගීතයයි. ඉතින් එදා දවසේ අවසාන තරගකාරනිය ලෙස තරග වැදුණේ ඩිස්නි රාජපක්ෂ සමග ලලිත් ය. ඔවුන් දෙදෙනාත් එදා දවසේ වෙනදා වගේම සියල්ලෝම පුදුම කරවන ඉතාමත්ම අලංකාරවත් නර්තනාංගයක් ඉදිරිපත් කරනු ලැබුවා..

 

මෙලෙස තරඟකරුවන් ඔවුන්ගේ නර්තනාංගයන් ඉතාමත් විශිෂ්ට ලෙස ජව සම්පන්නව ඉදිරිපත් කරනු ලැබුවා.. ඉතින් එදා දවසේ දී වැඩිම ප්‍රේක්ෂක මනාපයන් ඇතිව අවසන් කිරුළ කරා යන්නට පළමුවෙන්ම වාසනාව හිමි වූයේ ඩිෂ්නි රාජපක්ෂ සමග ලලිත් ය. දෙවනුව අවසන් මහා තරගය සදහා යෑමට සුදුසුකම් ලැබුවේ කැලුම් ශ්‍රී සමග අශානි. තුන්වනුව ප්‍රේක්ෂක වැඩිම මනාපයන් ඇතිව ඉදිරියට යනු ලැබුවේ ශනුද්‍රි ප්‍රියසාද් සමගින් කවිඳු. ඉතිං එදා දවසේ අවසානයේ වේදිකා මත රැඳී සිටියේ ඉරේෂා අසංකි සමඟ සලා සහ තරින්දි ප්‍රනාන්දු සමඟ හසින්තයි. ඉතින් මේ තරඟකරුවන් දෙදෙනා අතරින් එක් තරඟකරුවෙක්ට මේ වේදිකාවට සමු දීමට සිදු වූවා. ඉතිං එලෙස මේ යුවල දෙකෙන් අවසන් මහා තරගය සදහා යෑමට සුදුසුකම් ලැබුවේ ඉරේෂා අසංකි සමග සලායි. ඉතින් ඇය එලෙස තරගයෙන් ඉදිරියට යද්දී තරින්දි ප්‍රනාන්දු සමගින් හසින්තට වේදිකාවට සමුදීමට සිදු වූවා.. එදා දවසේ තරින්දි විසින් ඔක්තෝබර් දෙවැනිදා පැවැත්වෙන අවසන් මහා තරගය සදහා තරග වදින තරඟකරුවන් හතර දෙනාට සුබ පතමින් ඇයට උදව් කළ සියලු දෙනාටත් ස්තුතිවන්ත වෙමින් වේදිකාවෙන් සමු ගත්තා..

ඉතින් ලබන සතියේ දී ප්‍රථම මුහුණට මුහුණ ගැටුම ඩිස්නි රාජපක්ෂ සමග ලලිත් එරෙහිව ඉරේෂා අසංකි සමඟ සලා වේදිකා මත ඉදිරිපත් කරනවා.. ඉන්පසු දෙවනි මුහුණට මුහුණ ගැටුමට කැලුම් ශ්‍රී සමග අශානි ට එරෙහිව ශනුද්‍රි ප්‍රියසාද් සමගින් කවිඳු තරග වදිනවා. ඉතිං මොවුන් අතරින් අවසන් මුහුණට මුහුණ ගැටුමට සුදුසුකම් කවුරුන් විසින් ලබා ගනීද කියන දේ තීරණය වන්නේ ජනතා පරමාධිපත්‍යයෙනි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *