සෑම ඉරිදා දිනකම හිරු නාලිකාව ඔස්සේ රාත්‍රී 7.30 ට විකාශනය වන මෙගා ස්ටාර්ස් වැඩසටහන මේ වෙනකොට නම් ඉතාම තරගකාරී. තරඟකරුවන් සිය නර්තනාංගයක් ඉතාමත් උද්යෝගයෙන් යුතුව අනෙක් අයට අභියෝගයක් වෙමින් තමයි ඔවුන්ගේ නර්තනාංගයන් උපරිමෙන්ම වේදිකාව තුළ එළිදක්වන්නේ. ඉතින් මේ වෙනකොට වේදිකාව තුළ සුපිරිම තරගකරුවන් හත්දෙනා තෝරන වටේ තමයි පසුගියදා පැවැත් වුණේ. ඉතින් මේ වෙද්දි මේ සියලු තරගකරුවන් ශක්තියෙන් ධෛර්යයෙන් යුක්ත විවිධ අභියෝගයන් වලට මුහුණ දෙමින් මේ ගමනේ අවසානය දක්වා පැමිණ සිටින්නේ. ඉතින් සුපුරුදු පරිදි වෙනදා වාගේම මේ වේදිකාව තුළින් එක් තරගකරුවෙක්ට සමු දෙන්නට සිදු වනවා. ඉතිං ඒය තීරණය කරනු ලබන්නේ ප්‍රේක්ෂක මනාපය මතයි. ඉතින් මේ වෙද්දි විනිශ්ය මණ්ඩලයෙන් ඔවුන්ගෙ මනාප ලබා දීම කරනු ලබන්නේ නැහැ. ඉතින් මේ තරු වල පසුගිය සතියේ සිට ඉරණම තීරණය වූයේ සියයට සීයක්ම ප්‍රේක්ෂක ප්‍රතිචාර එහෙමත් නැත්නම් ප්‍රේක්ෂක මනාප මත පමණයි. ඉතින් එලෙස එක් තරගකරුවෙක් හෝ තරගකාරියක් මේ වේදිකාවට සමු දෙද්දී අනෙක් තරගකරුවන් සියලු දෙනා වාසනාවන්ත ලෙස සුපිරි හත්දෙනාගේ තරග වටයෙ අවසාන කිරුළ වෙනුවෙන් ජයග්‍රහණය කරා යන්නට වාසනාව හිමිවෙනවා.
ඉතිං පසුගිය දවසෙත් මේ තරඟකරුවන්ට විනිශ්චය ලබා දීමට අලුත් කෙනෙකු මේ වේදිකාව තුළට පැමිණියා. ඒදා දවසේදී ආචාර්ය චන්න විජේවර්ධන සහ රංගවේදිනී දිල්හානි ඒකනායක සමගින් එක් වූයේ රංගවේදිනී යශෝධා විමලධර්මයි. ඉතින් එදා දවසේ ඇය වේදිකාව අලංකාරවත් කරමින් පුංචි රංගනයක්ද වේදිකාව තුළ ඉදිරිපත් කරමින් මෙහි සිටින තරගකරුවන් ගැන වර්ණනා කළා.

 

ඉතින් පසුගිය සතියේ සුපිරි 8 දෙනාගේ තරග වටයේ තරග වැදුණු තරඟකරුවන් වන්නේ කැලුම් ශ්‍රී සමගින් අශානි, නිරෝෂා තලගල සමගින් ප්‍රදීප්, තරින්දි සමගින් හසින්ත, අසංකි සමගින් සරා, ශනුද්‍රි සමගින් කවිදු, උපේක්ෂා සමගින් මලිත්,ඩිස්නි සමගින් ලලිත්, චූලක්ෂි සමගින් ලක්ෂාන් යන තරගකරුවන් ය. ඉතින් මේ තරගකරුවන් අට දෙනාගෙන් එදින එක් තරගකරුවෙක් වේදිකාවට සමුදුන්නා. ඉතින් එදින සියලු තරඟකරුවන් තේමාවක් යටතේ තමයි සිය නර්තනාංගයන් ඉතා විශිෂ්ට ලෙස වේදිකාව තුළ එළිදැක්වූයේ. ඉතිං එදින පළමුවෙන්ම සුපිරි හත්දෙනාගෙ තරග වටේ සඳහා යාමට හැකිවූයේ තරින්දි සමගින් හසින්තටයි. ඒ වගේම දෙවනුව ප්‍රේක්ෂක මනාපය සිය අනු අටක් සමගින් සුපිරි හත්දෙනාගෙ වටේට යෑමට වාසනාවන්ත වූයේ ශනුද්‍රි සමඟින් කවිඳුයි. ඉතිං එදින සුපිරි හත්දෙනාගෙ තරග වටේ සඳහා යෑමට හිමිකම් නැති වූයේ උපේක්ෂා ස්වර්ණමාලි සමගින් මලිත්ටයි. ඉතින් එදා දවසේ දී උපේක්ෂා ඇගේ නර්තනාංගය ඉතාමත් හොඳින් උපරිමයෙන් වේදිකාව තුළ ඉදිරිපත් කළත් ප්‍රේක්ෂක මනාප අඩු වීම හේතුවෙන් ඇයට මෙගා ස්ටාර්ස් වේදිකාවට සමුදීමට සිදුවුවා. ඉතිං එදා දවසේ ඇය සමුගන්නා අවස්ථාවේ සියලුම තරගකරුවන්ට සුබ පතමින් විනිශ්චකරුවන්ටත් ස්තුති කරමින් ප්‍රේක්ෂකයන්ටත් ස්තුතිවන්ත වෙමින් වේදිකාවෙන් සමු ගනු ලැබුවා.

 

ඉතින් ඒත් සමගම එදින රාත්‍රියේ සුපිරි හත්දෙනාගේ වටේ සඳහා තරග වැදුණේ ශනුද්‍රි ප්‍රියසද් සමගින් කවිඳු, තරින්දි ප්‍රනාන්දු සමඟ හසින්ත, ඉරේෂා අසංකි සමඟ සලා, කැලුම් ශ්‍රී සමගින් අශානි, නිරෝෂා තලගල සමගින් ප්‍රදීප් , ඩිස්නි රාජපක්ෂ සමග ලලිත්, චුලක්ශි රණතුංග සමග ලක්ෂාන් යන තරගකරුවන් හත් දෙනයි. ඉතිං මේ තරම් කරුවන් හත්දෙනත් එදින රාත්‍රියේ ඉතාමත් තරගකාරී ලෙස සිය දක්ෂතාවයන් උපරිමයෙන් වේදිකාව තුළ එළි දැක්වූවා. ඉතින් ලබන සතියේදී මේ තරඟකරුවන් අතරින් කවුරුන් ඉවත් වෙයිද කියන එක ප්‍රේක්ෂක මනාපය මතයි තීරණය වනු ලබන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *