සෑම සෙනසුරාදා දිනකම රාත්‍රී 7.30 හිරු ටීවී නාලිකාව ඔස්සේ විකාශනය වූ hiru super dancer තරගාවලියේ අවසන් මහා තරගය පසුගියදා අති උත්කර්ෂවත් අන්දමින් පැවැත් වූවා.. ඉතින් එදින අවසන් මහා තරඟය සඳහා තරඟ වැදීමට වාසනාවන්ත පුංචි පොඩ්ඩන් පස්දෙනෙක් තේරී පත්වී සිටියා. ඉතිං එදින පැවැත්වුන අවසන් මහා තරඟයේ ඒ කිරුළ ලබාගන්නේ කවුද කියන දේ තීරණය කළේත් වෙනදා වගේම ජනතා පරමාධිපත්‍යය විසිනුයි.. ඉතින් මේ අවසන් මහා තරගය සඳහා තරඟ වැදීමට තේරී පත්වුණ පුංචි පොඩ්ඩන් පස්දෙනා වන්නේ ඩේලියා සේනානායක, මිලාන් මාලක, ඔකදි සමරතුංග, ක්‍රිස්ටිනා ඇලෙක්සැන්ඩ්‍රෝනා, ධනුජ ඉන්දීවර කියන තරඟකරුවන් පස්දෙනයි.. ඉතිං මේ පුංචි පොඩ්ඩක් පස් දෙනාම එක හා සමාන දස්කම් තිබෙන තරගකරුවන් විදියට හඳුන්වන්න පුලුවන්.. නමුත් ප්‍රේක්ෂකයන්ගේ වැඩි කැමැත්ත සහ ආදරය මත තමයි එදා දවසේ තරගයේ රන් කිරුළ දිනා ගන්නෙ කවුද කියන දේ තීරණය වූයේ..

ඉතින් එදා දවසේ අවසාන මහා තරගයේ ප්‍රථම සජීවී විනිශ්චයක් වෙනුවෙන් එම වේදිකාව භාර ගත්තේ කොළඹ දිස්ත්‍රික්කයේ අතුරුගිරිය සිට පැමිණි මිලාන් මාලකයි.. ඉතිං එදා දවසේත් ඔහු ඉතාමත් දක්ෂ ලෙස ඔහුගේ නර්තනාංගය මේ වේදිකාව තුළ ඉදිරිපත් කරනු ලැබුවා.. සුපුරුදු පරිදි මිලාන් එදා දවසේදීත් විනිශ්ච මණ්ඩලයේ පැසසුමට ලක් වූවා.. ඔහුගේ විශේෂත්වය වනුයේ ඔහු මේ වේදිකාව තුළ තරග වැදුණු සෑම අවස්ථාවකදීම ඔහු ශ්‍රි ලංකීය සංස්කෘතියට, සම්ප්‍රදායට මුල්තැන දෙමින් තමයි ඔහු තරඟ වැදුණෙ.. ඉතිං ඉන්පසු දෙවනුව මේ වේදිකාව භාර ගනු ලැබුවේ ඔකදි සමරතුංගයි. ඇය හින්දි සිනමාවේ ඇති ඉතාමත් අලංකාරවත් ගීතයකට නර්තනාංගය ඉතාමත් හොඳින් ඉදිරිපත් කරනු ලැබුවා.. එදා දවසේ ඇයටත් ඉතා හොඳ ප්‍රතිචාරය විනිශ්චය මණ්ඩලයෙන් ලැබුණා. ඉතින් තෙවනුව සිය දක්ෂතාවයන් එළිදක්වන්න වේදිකාව මතට පැමිණියේ ධනුජ ඉන්දීවරයි.. ඔහු කගෙත් ආදරය දිනා ගෙන තිබෙන්නේ ඔහු තුළ තිබෙන්නා වූ ඒ හුරතල්කම නිසයි. ඔහු තමයි මේ පුංචි පොඩ්ඩන් අතර සිටින වයසින් බාලම පුංචි පොඩ්ඩා වන්නේ.. නමුත් ඔහු වයසින් පොඩි වූවත් ඔහුගේ දක්ෂතාවය නම් ඉතාමත් ඉහළයි.. විනිශ්ච මණ්ඩලය සෑම අවස්ථාවකදීම ඔහුට තිබෙන්නා වූ ඒ දක්ෂතාවය ගැන වර්ණනා කරනු ලැබුවා.. ඉතිං එදා දවසෙදිත් වෙනදා වගේම ඔහු විසින් අනිත් අයගෙ ආදරය දිනාගන්නා පරිදි ඉතාමත් අලංකාරවත් නර්තනාංගයක් ඉදිරිපත් කරනු ලැබුවා.. ඉතින් ඉන් පසුව හතර වනුවට මේ වේදිකාව භාර ගනු ලැබුවේ ඩෙලියා සේනානායකයි. ඇය එදා ම්ප්‍රදායික නර්තනයක් තමයි ඉදිරිපත් කරනු ලැබුවේ.. ඇගේ විශේෂත්වය වනනේ ඇයට ඕනෑම ශෛලියකට ඇයගේ නර්තනය හැමෝගෙම හිත් දිනාගන්නා පරිදි ඉදිරිපත් කිරීමට හැකියාව තිබෙනවා.. ඇයට එක් ශෛලියක් පමණක් නොව බොහෝ ශෛලියන් තුළින් ඇගේ හැකියාව පෙන්වීමට හැකියාව තිබෙනවා.. ඉතිං එදා දවස වේදිකා මත තරග වැදුණු අවසාන තරගකාරිනිය වන්නේ ක්‍රිස්ටිනා ඇලෙක්සැන්ඩ්‍රෝනයි. ඇයත් එදා සම්ප්‍රදානුකූල නර්තනාංගයක් තමයි ඉදිරිපත් කළේ.. ඇයත් මේ තරගකරුවන් අතර සිටින වයසින් අඩු පුංචි තරගකාරනියක්.. නමුත් ඇයට ඇති ජවය ඉතාමත් ප්‍රභලයි. ඇයව ක්‍රියාශීලී, ජවසම්පන්න නර්තන ශිල්පිනියක් විදියට හඳුන්වන්න පුලුවන්..

 

ඉතින් මෙලෙස මේ පුංචි පොඩ්ඩන් පස් දෙනා ඔවුන්ගේ දක්ෂතාවයන් අවසන් මහා තරගය තුළ ඉදිරිපත් කරනු ලැබුවා.. ඉතින් ඉන් පසු අවසානයේ ප්‍රේක්ෂක ජනතාවගේ වැඩි කැමැත්ත ආදරය මත පුංචි පොඩ්ඩෙක් මේ තරගාවලියේ අවසන් කිරුළ දිනා ගනු ලැබුවා..ඒ අනුව එදා රාත්‍රියේ ප්‍රේක්ෂකයන් ලබා දුන්න ඒ විනිශ්චය අනුව hiru super dancer season 3 තරගාවලියේ පස්වෙනි ස්ථානය හිමිකර ගනු ලැබුවේ ඩෙලියා සේනානායක සමගින් ලක්ෂිතයි.. ඉන්පසු hiru super dancer තරගාවලියේ සිව්වැනි ස්ථානය හිමිකර ගනු ලැබුවේ ක්‍රිස්ටිනා ඇලෙක්සැන්ඩ්‍රෝනා සමගින් ජොති. මීළඟට super dancer තරගාවලියේ තෙවැනි ස්ථානය ජයග්‍රහණය කරනු ලැබූවේ ඔකදි සමරතුංගයි.. ඉතිං මේ වෙද්දි වේදිකා මත සිටින්නේ ධනුජ ඉන්දීවර සහ මිලාන් මාලක කියන තරගකරුවන් දෙදෙනා.. ඉතින් මේ දෙදෙනාගෙන් එක් අයෙක් රන් කිරුළ කරා යද්දී අනිත් තරගකරුවා දෙවැනි ස්ථානය හිමිකර ගනු ලබනවා.. ඒ අනුව ප්‍රේක්ෂක වැඩිම මනාපයත් ,ආදරයත් සමඟින් එදා දවසේ ඒ රන් කිරුළ දිනා ගනු ලැබුවේ ධනුජ ඉන්දීවර සමගින් අචින්තයි.. ඉතින් එලෙස ඔවුන් දෙදෙනා රන්කිරුල ලබාගනිද්දී මිලාන් මාලක තරගයේ දෙවැනි ජයග්‍රාහකයා හැටියට තේරී පත් වූවා..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *