සෑම සෙනසුරාදා දිනකම හිරු ටීවී ඔස්සේ රාත්‍රි 7.30ට විකාශනය වන Hiru Super Dancer තරගාවලිය ඉතාමත් අභියෝගාත්මකයි.. ඉතින් එදා දවසේ Hiru Super Dancer වේදිකාව හරිම සුවිශේෂී රාත්‍රියක් වූවා.. මන්ද අවසාන මහා තරගයට සුදුසුකම් ලබන ඒ පොඩ්ඩක් පස්දෙනා කවුද කියලා ප්‍රේක්ෂක මනාපයට අනුව ලැබිලයි තිබෙන්නේ.. ඉතින් එලෙස ප්‍රේක්ෂක මනාපයෙන් තේරී පත්වන පුංචි තරගකරුවන් පස් දෙනාටම අවසන් මහා තරගය නියෝජනය කිරීමට අවස්ථාව උදා වනවා.. ඉතින් එලෙස එදා දවසේ ඇරඹුණේ Hiru Super Dancer තරගාවලියේ සුපිරි පස් දෙනා තේරීමේ වටයයි. ඉතිං එදා දවසේ Hiru Super Dancer වේදිකාවෙන් සමුගන්නා පුංචි තරුව තේරී පත් කෙරුණේ මේ පුංචි පොඩ්ඩන් හය දෙනාම සිය නර්තනාංගයන් වේදිකාව තුළ ඉදිරිපත් කිරීමෙන් පසුවයි..

ඉතින් එදා දවසේ දී වේදිකාව මත සිය නර්තනාංගයන් ඉදිරිපත් කළ පුංචි තරගකරුවන් වන්නේ ලහිරු සමග නෙතුනි, අචින්ත සමග ධනුජ, තිළිණි සමග මිලාන්, ජෝති සමග ක්‍රිස්ටිනා, ගිහාන් සමග ඕකදි, ලක්ෂිත සමග ඩේලියා යන තරගකරුවන් හය දෙනයි.. ඉතින් මෙලෙස තරගවදින තරගකරුවන් හය දෙනාගෙන් පස් දෙනෙක්ට පමණයි අවසන් මහා තරගය සඳහා යෑමට වාසනාව හිමිකර ගන්නේ… ඉතිං එදා දවසේ දී පළමුවෙන්ම සාම්ප්‍රදායික නර්තනාංගයකින් සිය දක්ෂතාවයන් පෙන්නූ ලහිරු සමග නෙතුනි ට විනිශ්ච මණ්ඩලයේ සියලු දෙනාගේම ඉතාමත් හොඳ ප්‍රතිචාර හිමි වූවා.. ඔවුන් දෙදෙනාව අවසන් මහා තරඟයේ අනිවාර්යෙන්ම දැක ගැනීමට අවශ්‍ය බව නර්ථනවේදීනි උපුලි පණිභාරත විසින් පවසා සිටියා.. ඉතිං එදා දවසේ දෙවනුව තරග වැදුණු අචින්ත සමග ධනුජ මේ දවස් වල සියලු දෙනා අතර ජනප්‍රිය ගීතයක් වන මැනිකේ මගේ හිතේ ගීතයට සහ බොලිවුඩය තුල ජනප්‍රිය ගීත කිහිපයක් තුළින් සිය නර්තනාංගය ඉතාමත් විශිෂ්ට ලෙස ඉදිරිපත් කළා.. එදා දවසෙ ධනූජටත් විනිශ්ච මණ්ඩලයේ සිටින විනිශ්චකරුවන් තිදෙනාගෙන්ම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලබා ගන්නට හැකියාව ලැබුණා. ඉතින් එදා දවසේ ඊළඟට තරග වැදුණු තිළිණ සහ මිලාන් එදා දවසේ වෙනස්ම ආකාරයේ නර්තනාංගයක් ඉදිරිපත් කළා.. ඔවුන් වෙනදාට වැඩි වශයෙන් සම්ප්‍රදානුකූල නර්තනාංගයන් තුළින් තමයි දැකගැනීමට හැකිවන්නේ.. නමුත් එදා දවසේදී නම් බොලිවුඩයේ ඇති ජනප්‍රියම ගීත කිහිපයකට ඔවුන් ඔවුන්ගේ සිය හැකියාවන් උපරිම අයුරින් වේදිකා මත එළි දැක්වූවා. ඒ වෙනසට විනිශ්ච මණ්ඩලය තිදෙනාම ඉතාමත් හොඳ ප්‍රතිචාර ලබා දුන්නා.. ඉතිං ඔන්න ඔය ආකාරයට අනිත් තරගකරුවන් තිදෙනා සිය නර්තනාංගයක් ඉතාමත් දක්ෂ ලෙස ක්‍රියාශීලීව අනිකාට අභියෝගයක් වෙන ලෙස ඉදිරිපත් කරනු ලැබුවා.. එදා දවසේ අවසාන තරගකාරිය ලෙස වේදිකාව තුල තරග වැදුණු ඩේලියා සමගින් ලක්ෂිත ලංකාවේ ජනප්‍රිය ගීතයක් වන කුවේනියේ ගීතයට ඉතාමත් අලංකාරවත් නර්තනාංගයක් ඉදිරිපත් කරනු ලැබුවා.

 

ඉතින් ඔන්න මේ විදියට මේ පුංචි තරඟකරුවන් ඔවුන්ගේ නර්තනාංගයන් මේ වේදිකාව මත ඉදිරිපත් කිරීමෙන් පසුව ඔවුන් හයදෙනාගේ ප්‍රතිඵල ලබා දෙනු ලැබුවා. ඉතිං එදා දවසේ අතිදක්ෂ පස් දෙනාගේ වටයට ප්‍රේක්ෂක මනාපයන් වැඩි ප්‍රමාණයක් ලබාගෙන පළමුවෙන්ම ඉදිරියට යන පුංචි පොඩ්ඩා වනුයේ ඔකදී සමරතුංග සමගින් ගිහාන්ය.. ඉතිං එදා දවසේ දෙවනුවට සුපිරි පස් දෙනාගේ වටේ සඳහා තේරී පත් වූයේ මිලාන් මාලක සමගින් තිළිණි. ඉතින් තෙවනුව සුපිරි පස්දෙනාගේ තරඟ වටයට යෑම සඳහා වාසනාව උදා වූයේ ඩේලියා සේනානායක සමගින් ලක්ෂිතටයි. ඉන්පසු ප්‍රේක්ෂක මනාපය අනුව සුපිරි පස්දෙනාගේ තරග වටය සඳහා යාමට සුදුසුකම් ලැබුවේ ක්‍රිස්ටිනා මගින් ජොති.. ඉතින් එදා දවසේ අචින්ත සමග ධනුජ, ලහිරු සමග නෙතුනි යන පුංචි පොඩ්ඩන් දෙදෙනාගෙන් එක් අයෙකුට පමණයි අවසන් මහා තරගයට යාමට සුදුසුකම් ලැබුවේ.. ඉතින් එලෙස අවසන් මහා තරඟයට යාමට වාසනාව හිමිකර ගනු ලැබුවේ ධනුජ ඉන්දීවර සමග අචින්තයි. ඉතින් එලෙස ඔහු ඉදිරියට යද්දී නෙතුනි සමග ලහිරුට වේදිකාවෙන් සමු ගන්නට සිදුවූවා. ඉතින් එදා දවසේ ඇය තරගෙන් ඉවත් වනවාත් සමඟම විනිශ්චය මණ්ඩලය ඉතාමත් සංවේදී වූවා . නර්ථනවේදීන් උපුලී පණීභාරත සහ හිමාලි සිරිවර්ධන ඒ දෙස කඳුලු පිරි දෙනෙතින් බලා සිටියා.. ඔවුන්ටත් ඇත්තටම ඒය දරාගැනීමට නොහැකි වූවා.. මොකද එදා දවසේ පළමුවෙන්ම තරග වැදුණු ඇයට උපුලි පණිභාරත කියා සිටියා අනිවාරෙන්ම අවසන් මහා තරගය තුළ දැක ගැනීමට අවශ්‍ය බව..

ඉතිං මේ විදියට අවසන් මහා තරගය සදහා සුදුසුකම් ලබන තරඟකරුවන් පස් දෙනා තෝරා ගනු ලැබුවා.. ඉතිං ලබන සතියේ දී සුවිශේෂ වූ තරඟ වටයක් සූදානම් කර තිබෙනවා.. ඒ ප්‍රාසංගික වටේ තමයි මේ අවසාන මහා තරඟය සඳහා තේරී පත් වී සිටින මේ දක්ෂයින් පස්දෙනා සමග ශ්‍රී ලංකාවේ සිටින ජනප්‍රිය තරු 5ක් මේ තරඟකරුවන් පස්දෙනාත් සමගින් ලබන සතියේ දී මේ වේදිකාව භාර ගනු ලබනවා.. ඉතිං ඉන්පසු සැප්තැම්බර් මාස 25 වනදා අවසන් මහා තරගය පැවැත්වෙනවා.. ඉතිං අවසන් මහා තරඟයේ දී මේ පොඩ්ඩක් පස්දෙනා අතරින් කවුරුන් ජයග්‍රහනය කරයි ද කියන තීරණය තිබෙන්නේ ප්‍රේක්ෂක ඔබේ මනාපය මතයි..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *