සෑම සෙනසුරාදා දිනකම හිරු නාලිකාව ඔස්සේ රාත්‍රී 7.30ට විකාශනය වන   හිරු   super dancer  තරගාවලිය එන්න එන්නම තරගකාරී. සෑම තරගකරුවෙක්ම ඔවුන්ගෙන් නාර්තනාංගයන් ඉතාමත් ක්‍රියාශීලීව , උද්යෝගයෙන් යුතුව අනෙකාට අභියෝගයක් වෙමින්  ඔවුන්ගේ නර්තනාංගයන් මේ  හිරු  super dancer වේදිකාව තුළ ඉදිරිපත් කරනු ලබනවා. ඉතින් මේ හිරු  super dancer වේදිකාව එන්න එන්නම අභියෝගාත්මක තරගයක් බවට පත්වෙලා. ඉතින් මේ තරඟකරුවන් හැමදාම ඔවුන්ගේ නර්තන ආචාර්යවරුන් සමග එකතු වී මේ අභියෝගාත්මක නර්තනාංගයන් ඉදිරිපත් කරමින් තව තවත් මේ වේදිකාව දිනෙන් දින වර්ණවත් කරනු ලබනවා. ඔවුන්ගේ ඒ උනන්දුව කැපවීම අතිවිශාලයි. ඉතින් විනිශ්ච මණ්ඩලයත් පුදුම කරවමින් සමහර තරගකරුවන් ඔවුන්ගේ නර්තනාංගයන් ඉතා කැපවීමෙන් වේදිකාව තුළ ඉදිරිපත් කරනවා. ඉතින් දැන් වෙද්දි මේ තරගය තුළ සුපිරිම තරගකරුවන් හත්දෙනා තෝරන වටේ තමයි පසුගියදා ඇරඹුණේ. ඉතින් මේ වෙද්දි නම් සුපිරි 8 දෙනාගේ කණ්ඩායමේ සිටින සියලු දෙනාම එක හා සමානවම දක්ෂ තරගකරුවන්. නමුත් තරගය ස්වභාවය අනුව සෑම දිනකදීම ඒක් තරගකරුවකුට ‍කනගාටුවෙන් වුවත් අවාසනාවන්ත ලෙස මේ වේදිකාව තුළින් සමුගන්නට සිදු වනවා.

ඉතින් පසුගිය සතියේ මේ අද්විතීය තරගකරුවන් අටදෙනා වේදිකාව මත ඔවුන්ගේ නර්තන දක්ෂතාවයන් ඉදිරිපත් කෙරුවා. ඉතින් ඒ අනුව එදා දවසේ මේ වේදිකාව තුළ තරග කළ තරග කරුවන් වන්නේ  තුවාන් සමග කවිත්මා, ධනුෂ සමග ඉරුෂ,අචින්ත සමග ධනුජ, ජෝති සමග ක්‍රිස්ටිනා, ගිහාන් සමග ඔකදී, ලක්ෂිත සමග ඩේලියා, ලහිරු සමග නෙතුනි, තිළිණි සමග මිලාන් යන තරගකරුවන් ය. ඉතිං එදින අද්විතීය හත් දෙනාගේ කණ්ඩායම නියෝජනය කිරීමේ බලාපොරොත්තුවෙන් ශ්‍රී ලාංකේය ප්‍රේක්ෂකයන්ගේ වැඩිම ප්‍රේක්ෂක මනාපයෙන්  මුලින්ම වාසනාවන්ත ලෙස ඉදිරියට යනු ලැබුවේ ඉතාමත් ආකර්ෂණීය බොලිවුඩ් නර්තනාංගයකින් වේදිකාව සහ විනිශ්ච මන්ඩලයේ හොඳ ප්‍රතිචාර ලබාගත් ඔකදී සමරතුංග සමගින් ගිහාන්ටයි. ඉතින් දෙවනුව ප්‍රේක්ෂක ආදරය ,ප්‍රේක්ෂක මනාපය අනුව වාසනාවන්ත ලෙස සුපිරි හත්දෙනාගේ කණ්ඩායමට එකතු වූයේ ඩෙලියා සේනානායක සමගින් ලක්ෂිතයි. ඉතිං එදින රාත්‍රියේ 7 දෙනාගේ කණ්ඩායම නියෝජනය කිරීමට අවාසනාවන්ත ලෙස නොහැකි වන්නේ කවිත්මා සමගින් තුවාන්ටයි.

ඉතින් එදා දවසේ හිරු Super Dancer වේදිකාවේ සිය දස්කම් එළිදැක්වූ පුංචි තරගකරුවන් වන්නේ තිළිණ සමග මිලාන්, අචින්ත සමග ධනූජ,ලක්ෂිත සමග ඩේලියා, ගිහාන් සමග ඔකදී,ධනුෂ් සමග ඉරුෂ, ලහිරු සමග නෙතුනි ,ජෝති සමග ක්‍රිස්ටිනා යන තරඟකරුවන් හත් දෙනායි. ඉතින් එදා දවසේ දී තරග වදින මේ පොඩ්ඩෝ හත්දෙනාගෙන් හය දෙනෙක්ට පමණයි ඉදිරි තරග වටයට යන්න අවස්ථාව හිමිවන්නේ. ඉතින් ඒ තීරණය තියෙන්නේ ප්‍රේක්ෂකයන් අතයි.

ඉතින් එදා දවසේ දී කතක් නර්තනයකින් සියල්ලන්ගේම හිත් දිනාගත් ඩේලියා සමගින් ලක්ෂිතට විනිශ්ච මණ්ඩලයේ සිටින නර්තනවේදී උපුලි පණිභාරතගෙන් සහ නර්ථනවේදීන් හිමාලි සිරිවර්ධනගෙන් ග්‍රින් ලීවරයද ලබාගන්නට සමත් වූවා. ඉතිං එදා දවසේ උඩරට නර්තනාංගයක් තුළින් සිය දස්කම් එළිදැක්වූ ඔකදි  සමරතුංග සමග ගිහාන්ට විනිශ්ච මණ්ඩලය තිදෙනාගේම කැමැත්ත මත super performer වීමට හැකිවූවා. ඒ වගේම ඉතාමත් බිහිසුන නර්තනාංගයක් ඉදිරිපත් කළ ක්‍රිස්ටිනා ඇලෙක්ස් සහ  ජෝතිටත් එදා දවසේ දී විනිශ්ච මණ්ඩලයේ තිදෙනාගේම කැමැත්ත පරිදි super performer කිරුළ හිමිකර ගැනීමට හැකි වූවා.  ඉතින් තරගය ඉතාමත් තරඟකාරී. මේ වෙද්දි මේ වේදිකාවෙ  නාර්ථනාංගයන්  ඉදිරිපත් කරන සියලු දෙනාම එක හා සමානව දස්කම් දක්වනවා. ඉතින් ලබන සතියේ දී මේ පුංචි පොඩ්ඩක් හත් දෙනා අතරින් කවුරු ඉවත් වෙයිද කියන එක ප්‍රේක්ෂක ඔබේ තීරණය මතයි තීරණය වනුයේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *