මේ දිනවල හිරු නාළිකාව ඔස්සේ විකාශනය වන මෙගා ස්ටාර්ස් වැඩසටහන මේ වේද්දී ඉතාම තරඟකාරි… මේ වෙද්දී සුපිරි දහතුන්දෙනා තේරීමේ වටය තමයි පසුගියදා පැවත්වුනේ…මේ වේලාවේ තරඟකරුවනුත් ඉතාමත් උද්යෝගයකින් යුතුව තමයි තමන්ගේ නර්තනාංගයන් ඉදිරිපත් කරනු ලබන්නේ… ඉතිං එ නිසාම තරඟය මේ වෙද්දී ඉතාමත් උණුසුම්…

ඉතිං පහුගිය සතියේ තරඟවැදුණු තරඟකරුවන් අතරින් එක් තරඟකරුවතුට තරඟයේ ස්වභාවය අනුව වේදිකාවේන් සමුගන්නට සිදුවුවා… විනිශ්චමණ්ඩයේ ලකුණු 30ම තරඟකරුවෙක් ලබා ගත්තත් ප්‍රේක්ෂක මනාපයන් වල අඩුවක් වේනම් එම තරඟකරුවාට හෝ තරඟකාරිනියට මේ තරඟයෙන් ඉවත් වීමට සිදු වනවා… ඉතිං පහුගියදා තරඟ කළ තරගකරුවන් වන්නේ ඩිෂ්නි රාජපක්ෂ, මේධා ජයරතන්න, ශනුද්‍රි ප්‍රියසාද් , නිලුෂි පවන්‍යා, අනුජ් රණසිංහ, චුලක්ෂි රණතුංග , රශිපබා සංදීපනී, තරින්දි ප්‍රනාන්දු යන අයයි.

ඉතිං එදා දවසේදී මේ තරඟකරුවන් අතරින් ඉවත් වන්නට සිදු වුයේ මයුරා වන්නමෙන් ඉතාමත් අලංකාරවත් නර්තනයක් ඉදිරිපත් කළ නිලුෂි පවන්‍යාටයි.. ඉතින් එදින සුපිරි 13 දෙනාගේ වටයට පළමුවෙන්ම විනිශ්චමණ්ඩලේ golden buzzer එකත් සමඟින් ඉදිරියට යනු ලැබවේ ලලිත් සමඟින් ඩිෂ්නි සහ තරින්දි සමඟ හසින්තයි…ඉතිං ඉන්පසුව වැඩිම ප්‍රේක්ෂක මනාපයන් සමඟ ඉිදිරියට යනු ලැබුවේ බොලිවුඩ් නර්තනයෙන් සියලුදෙනාගේ සිත් ඇඳගත් ශනුද්‍රි ප්‍රියසාද් සමඟින් කවිදුයි…ඉන්පසු වැඩිම ප්‍රේක්ෂක මනාපයන් සමඟ ඉදිරියට යනු ලැබුවේ රශිප්‍රභා සමඟින් බාස්කර්.. ඊටපසු වැඩිම ප්‍රේක්ෂක මනාපයන් සමඟ තරඟයෙන් ඉදිරියට ගිය අවසාන කරඟකරුවා වන්නේ අනුජ් සමඟින් ශෂිකායි..

ඉතිං පසුගිය ඉරිදා දින සුපිරි දහතුන්දෙනාගේ වටය සඳහා තරඟ වැදුනේ අමන්දා සමඟින් සහන්, අශෙන් සිරිවර්ධන සමඟ දිනෙති, ඉරේෂා අසංකි සමග සාලා, උපේක්ෂා සමඟ විශ්ව, රිතු සමඟ සිතුම්, නිරෝෂා සමඟ ප්‍රිදීප්, කැලුම් ශ්‍රි සමඟ අශානි යන තරඟකරුවන් අටදෙනයි…ඉතිං එදින පළමුවෙන්ම වේදිකාවේ තමන්ගේ නර්තන දසකම් පෙන්වුයේ අමන්දා සිල්වා සමඟයි.. ඔවුන් එදින රමාට මා සැකයි රාවණා කියන ගීතයට ඉතාමත් අලංකාරවත් නර්තනාංගයක් ඉදිරිපත් කලා.. එදා දවසේදී ඇය විනිශ්මණ්ඩලයෙන්ද ඇගේ නර්තනයට හොඳ ප්‍රතිචාර ලබා ගත්තා… ඉතිං එදින දෙවැනියට තම නර්තනය ඉදිරිපත් කළ අශේන් සිරිවර්ධන සමඟ දිනෙති විනිශ්චමණ්ඩලයේ පළමු golden buzzer එක ලබා ගන්නට තරම් එම නර්තනය විස්මයජනක වුවා… ඔවුන් එදා නර්තයේ යෙදුණේ ගෝත්‍රික සම්ප්‍රදාය උඩුයටිකුරු කළ නර්තනයක්…ඉතිං මේ නර්තන eastern and western කියන දෙකම තියෙන සංකලනක්..

ඉතිං එදින හතරවැනි තරඟකාරිනිය විදියට උපේක්ෂා ස්වාර්ණමාලයේ නර්තනංගයෙනුත් සමාජයට ඉතා වටිනා කියන ආදර්ශයක් තමයි ලබා දුනනේ…ඇයගේ ඒ නර්තනය කලෝචිත සමාජ මතෘකාවක් වුවා… ඇය එදා ලොකු පණිවිඩයක් සමාජයට ලබා දුන්නා. එ තමයි ගබ්සාව නතර කරන්න කියන තේමාව යටතේ ඇය ඇයට පුළුවන් උපරිමෙන් ඒ පණිවිඩය වේදිකාව මත පෙන්නවුවා…ඉතිං එදා හත්වැනි තරඟකාරිනිය විදියට සිය හැකියාවන් පෙන්වූ නිරෝෂා තලගලටත් හැකිවුවා විනිශ්චමණ්ඩලයේ golden buzzer එක ලබා ගන්නට.. එදින ඇයට ඇගේ costume එකෙන් ලොකු ලස්සනක් ලැබුනු බව අචාර්ය චන්න විජවෙර්ධන මහතා කියා සිටියා… ඉතිං ඇයත් මේ තරඟාවලිය තුළ ඊළඟ වටය සඳහා නිතරගයෙන්ම ඉදිරියට යෑමට හැකියාව ලැබුනා…

ඉතිං දැන් වෙද්දී මේ තරඟය ඉතාමත් තියුණුයි.. ඉතිං ලබන සතියේදී මේ තරඟකරුවන් අටදෙනා අතරින් කවුරුන් ඉවත් වෙයිද කවුරුන් ඉදිරියට යාවිද? ඉතිං ඒ තීරණය තිබෙන්නේ ප්‍රේක්ෂකයන් අතේ…එදා දවස වෙනකන් ඔබ අප කටවත් සිතා ගත නොහැකි මේ තරඟකරුවන් තරඟකාරිනියන් අතිරින් කවුරුන් මේ වේදිකාවෙන් සමුගනීද කියලා…

ජනනි තරුෂිකා

Leave a Reply

Your email address will not be published. Required fields are marked *