මේ දිනවල හිරු නාළිකාව ඔස්සේ  රාත්‍රී 7.30 ට විකාශනය  වන මෙගා ස්ටාර්ස් වැඩසටහන මේ වේද්දී ඉතාම තරඟකාරි… ඉතිං මේ වෙද්දී සුපිරි අට දෙනා තේරීමේ වටය තමයි පසුගියදා පැවත්වුනේ…මේ වේලාවේ තරඟකරුවනුත් ඉතාමත් උද්යෝගයකින් යුතුව තමයි තමන්ගේ නර්තනාංගයන් ඉදිරිපත් කරනු ලබන්නේ… ඉතිං එ නිසාම තරඟය මේ වෙද්දී දිනේන් දින ඉතාමත් උණුසුම් වේමින් තමයි තිබෙන්නේ

ඉතිං පහුගියදා තරඟ කළ තරගකරුවන් වන්නේ නිරොෂා තලගල සමග ප්‍රදීප්, උපේක්ෂා ස්වර්ණමාලි සමග මලිත්, ඉරේෂා අසංකි සමඟ සලා, කැලුම් ශ්‍රී සමග අශානි, අමන්දා සිල්වා සමග සහන්. ඉතින් මේ තරඟකරුවන් පස් දෙනා අතරින් එක් තරඟකරුවෙක් ට තරඟය ස්වභාවය අනුව එදින වේදිකාවෙන් සමු ගන්නට සිදු වූවා. එක්දින තරගයෙන් 100% ප්‍රතිශතයක් සමගින් පළමුවෙන්ම සුපිරි 8 දෙනාගේ වටයට තේරී පත්වූයේ නිරොෂා තලගල සමගින් ප්‍රදීප්. ඉතින් දෙවනුව 98% ක ප්‍රතිශතයක් ලබාගෙන සුපිරි 8 දෙනාගේ වටේ සඳහා යෑමට වාසනාවන්ත වූයේ උපේක්ෂා ස්වර්ණමාලි සමගින් මලිත්. ඉතිං අවාසනාවන්ත ලෙස මේ තරගය තුළින් මේ වේදිකාවෙන් එදා දවසෙදි ඉවත් වන්නට සිදු වුණේ සාම්ප්‍රදායික නර්තනයකින් සියලු දෙනාව පුදුම කරමින් සිය නර්තන අංගය ඉදිරිපත් කළ අමන්දා ද සිල්වා සමගින් සහන්ටයි. ඉතින් ඇය මෙලෙස සාම්ප්‍රදායක නර්තනයක් වේදිකාව තුළ සිදු කළ පළමු වතාවයි.

ඉතිං එදින මේ තරගාවලිය තුළ පුංචි වෙනසක් සිද්ධ වුණා. ඒ තමයි විනිශ්ච මණ්ඩලයේ සිටින දැවැන්ත චරිතයක් වන රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය මහතා වෙනුවට එදා දවසේ දී විනිශ්ච මණ්ඩලයේ ඔහුගේ පුටුවේ වාඩි වූයේ රංගන ලෝකයේ වේදිකාව ,සිනමාව, ටෙලිවිෂනය මේ සියල්ල ජයගත් අපූරු රංගධරයෙක්, රංගන ආචාර්යවරයෙක්. ඔහු නමින් මහේන්ද්‍ර පෙරේරායි.

ඉතිං එදින සිට සුවිශේෂී වෙනසක් සිදු වූවා. ඒ මෙගා ස්ටාර්ස් වේදිකාවෙ සියයට තිහක් විනිශ්ච මණ්ඩලයේ ප්‍රතිඵල සහ සියට 70ක් ප්‍රේක්ෂක මනාපය මත තමයි මේ තරු ඉදිරියට යනවද නැද්ද කියලා පහුගිය කාලය තුළ තීරණය කළේ. නමුත් පසුගිය ඉරිදා දින සිට ඉතාමත් සුවිශේෂී වෙනසක් සිදුවුවා. ඒ සියට  සියක් එදින සිට මේ තරු යුවළයන්ගෙන් ඉරණම තීරණය වන්නේ ප්‍රේක්ෂක මනාපය මතයි.  ඉතිං එදින තවත් සුවිශේෂී දෙයක් සිදු වූවා ඒ තමයි ඒ දින වේදිකාව තුළ තරග කරන තරඟකරුවන්ට තේමාවක් යටතේ සිය නර්තනාංගයන් ඉදිරිපත් කිරීමට සිදු වූවා. ඉතිං එදින එම තරගකරුවන්ට ලැබුණු තේමාවත් තමයි 70 දශකය.

ඉතිං එදින සුපිරි 8 දෙනාගේ වටේ සඳහා තරඟ වැදුනේ කැලුම් ශ්‍රී සමග අශානි, නිරොෂා තලගල සමග ප්‍රදීප්, තරින්දි ප්‍රනාන්දු සමඟ හසින්ත, ඉරේෂා අසංකි සමඟ සලා, ශනුද්‍රි ප්‍රියසාද් සමග කවිඳු, උපේක්ෂා ස්වර්ණමාලි සමග මලිත්, ඩිශ්නි රාජපක්ෂ සමග ලලිත්, චුලක්ශි රණතුංග සමග ලක්ෂාන් යන තරඟකරුවන් ය. ඉතිං එදින සිය නර්තනාංගයන් මේ සියලුම තරගකරුවන් , තරගකරීනියන්  විසින් ඔවුන්ගේ උපරිමයෙන් සාර්ථක ලෙස ඉදිරිපත් කළා. විනිශ්‍ය මණ්ඩලයෙත් හොඳ ප්‍රතිචාර ඔවුන්ට ලැබුණා.  ඉතිං දැන් වෙනකොට මේ තරගය ඉතාමත් තියුණුයි. ඉතින් ලබන සතියේ දී මේ තරගකරුවන් අතරින් කවුරුන් ඉවත් වෙයි ද කියන එක ප්‍රේක්ෂක ඔබයි තීරණය කරනු ලබන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *