මේ දිනවල හිරු නාළිකාව ඔස්සේ රාත්‍රී 7.30ට විකාශනය වන Hiru Super Dancer තරඟාවලිය මේ වෙද්දී ඉතාමත් තරඟකාරි.. මේ වෙද්දි Hiru Super Dancer තරගාවලිය එන්න එන්නම තීරණාත්මක වෙලා තියෙන්නේ. ඉතිං එදා දවසෙදි අද්විතීය සුපිරි 8 දෙනාගේ තරගය තමයි ආරම්භ කෙරුණෙ.  ඉතිං මේ පොඩ්ඩන්ව ඉදිරියෙන් ඉදිරියට අවසන් මහා තරගය දක්වා ගෙන යනු ලබන්නේ ප්‍රේක්ෂකයන් විසිනි. ඉතිං පහුගිය සතියෙ තරග වැදුණු දක්ෂයින්  හය දෙනා අතරින් තරඟකරුවකුට Hiru Super Dancer වේදිකාව තුළින් එදා දවසෙදි සමු ගන්නට සිදු වූවා.  ඉතිං පසුගිය සති අන්තයෙ සිය නර්තන අචාර්යවරුන් සමඟින් සිය දස්කම් වේදිකාව මත පෙන්වු එ දඟකාර දක්ෂයින් හයදෙනා  වන්නේ  අචින්ත සමඟ වනිදු, ලහිරු සමඟ නෙතුලි, ලක්ෂිත සමඟ මිනුල් , තුවාන් සමඟින් කවිත්මා, ජොති සමඟ ක්‍රිස්ටිනා,තිළිණි සමඟ මිලාන්,  යන තරුඟකරුවන් හයදදෙනයි.

ඉතිං ප්‍රේක්ෂක මනාපයන්ට අනුව එදා දිනයේ දී පළමුවෙන්ම මේ වේදිකාව තුළ අද්විතීය අට දෙනාගේ කණ්ඩායම නියෝජනය කිරීමේ වාසනාව උදා වූයේ නෙතුලි නෙහාරා සමගින් ලහිරුටයි. ඉතින් දෙවනුව අද්විතීය අට දෙනාගේ කණ්ඩායම නියෝජනය කිරීමේ ඒ වාසනාව උදාවූයේ මිලාන් මාලක සමගින් තිළිණි ටයි. ඉතින් එදා දවසේ දී ප්‍රේක්ෂක මනාපය අවමයෙන් ලබාගෙන මේ හිරු super dancer වේදිකාවට සමු දෙන්නට සිදුවූයේ ලක්ෂිත සමගින් මිනුල් ශෂ්මිකයි.

ඉතින් පසුගිය සතියේ Hiru Super Dancer වේදිකාවේ සිය දස්කම් එළිදැක්වූ පුංචි තරග කරුවන් වන්නේ  තුවාන් සමග කවිත්මා, ධනුෂ සමග ඉරුෂ,  අචින්ත සමග ධනුජ, ජෝති සමග ක්‍රිස්ටිනා, ගිහාන් සමග ඔකදි, ලක්ෂිත සමග ඩේලියා, ලහිරු සමග නෙතුනි, තිළිණි සමග මිලාන් යන තරඟකරුවන් ය.  ඉතිං වෙනදා වගේම ගෞරවනීය විනිශ්චය මණ්ඩලයට හැකියාවක් තිබෙනවා ඔවුන් තිදෙනාම ඒකමතිකව තීරණය කරනු ලැබුවොත් එදා දවසෙ super performer සඳහා යම් කිසි තරඟකරුවකු සුදුසුයි කියලා ඔවුන්ට හැකියාව තිබෙනවා එම ග්‍රීන් ලීවරය ක්‍රියාත්මක කරන්නට. ඒ වගේම super duper performer එකක් නම් ඔවුන්ට හැකියාව තියෙනවා golden buzzer එක  භාවිතා කරන්න. ඉතිං ඒ සඳහා සියලුම බලය තිබෙන්නේ විනිශ්ච මණ්ඩලයේ අතෙයි.

ඉතිං එදා දවසේ මේ පුංචි නැට්ටුවන් ඉතාමත් අලංකාර විදියට ඔවුන්ගේ දස්කම් අනිත් තරඟකරුවන්ට අභියෝගයක් කරමින් සිය දක්ෂතාවයන් එළි දැක්වූවා. ඉතිං එදා දවසෙදි පළමුවෙන්ම සිය නර්තනාංගය ඉදිරිපත් කළ කවිත්මා සමගින් තුවාන් Bollywood නර්තනාංගයක් තමයි වේදිකාව තුළ ඉදිරිපත් කළේ. ඉතින් එදා දවසේ විනිශ්ච මණ්ඩලය හොඳ ප්‍රතිචාර ඔවුන්ට හිමි කරගන්නට හැකියාව ලැබුණා. එදා දවසේ සම්ප්‍රදායික නර්තනාංගයක් ඉදිරිපත් කළ ඉරුෂ චමෝද්‍යා සමග ධනුෂ්ට විනිශ්ච මණ්ඩලයේ සිටින නර්ථනවේදී උපුලි පණිභාරත්ගෙන් සහ නර්ථනවේදී හිමාලි සිරිවර්ධනගෙන් ග්‍රීන් ලීවරය ලබාගැනීමටත් ඔවුන් සමත් වූවා.  ඉතිං එදා දවසේ අවසන් තරගකාරුවා ලෙස සාම්ප්‍රදායික නර්තනයකින් විනිශ්ච මණ්ඩලයේ හදවත්  දිනාගත් මිලාන් මාලක සමඟ තිළිණි  විනිශ්ච මණ්ඩලයේ ඉතාම හොඳ ප්‍රතිචාර ලබා ගනිමින්  එදා දවසේ  විනිශ්ච මණ්ඩලයේ තිදෙනාගෙන්ම ග්‍රීන් ලීවරයද ලබාගෙන super performer  වීමේ හැකියාව ලැබුණා.  ඉතිං ලබන සතියේ දී මෙහි සිටින පුංචි නැට්ටුවන් අතරින් කවුරුන් ඉවත් වෙයිද කියන තීරණය ප්‍රේක්ෂක ඔබගෙ මානපය මතයි තීරණය වන්නේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *