හිරු නාලිකාව ඔස්සේ මේ දිනවල විකාශය වන මෙගාස්ටාර්ස් පසුගිය සතියේ අවසන් දහතර දෙනාගේ වටය අරම්භ වුනා..

ඉතිං පසුගිය දින මේ තරඟයේ දස්කම් පෙන්වා ප්‍රේක්ෂකයන්ගේ මනාප අඩු වී වේදිකාවෙන් සමු ගත්තේ මුළු රටම ආදරය කරන කෙනෙක්. එ තමයි නර්තනයේ උපන්හපම්කම් දැක්වූ නිලන්ති ඩයස්.. ඇය කොච්චර නර්තනය දක්ෂ වුනත් ඇය ඇගේ උපරිම වේදිකාව තුළ එළි දැක්වුවත් ප්‍රේක්ෂකයින්ගේ මනාප අඩු වීම නිසා ඇයට දුකෙන් හෝ මේ වේදිකාවට සමුදෙන්නට සිදුවුවා.. ජනතා මතයට හිස නමා ඇය එදින වේදිකාවෙන් සමුගත්තා.

ඉතිං ඊයේ දින මේ වේදිකාවේ තරඟ වැදුනේ රශිපබා සංදීපනී,තරින්දි ප්‍රනාන්දු ,චුලක්ෂි රණතුංග, ඩිෂ්නි රාජපක්ෂ,ශනුද්‍රි ප්‍රියසාද්,නිලුෂි පවන්‍යා,අනුජ් රණසිංහ යන අයයි.. ඉතිං එදා දවසේත් මේ තරඟකරුවන් ඉතාමත් දක්ෂ ලෙස තම නර්තන අංගයන් සාර්ථක අයුරින් එළි දැක්වුවා.. ඉතිං කෙසේ වෙතත් එදා දවසේදීත් සුපිරි දහතරදෙනාගේ වටයේ golden buzzer එක තරින්දි සමඟ හසින්ත විසින් දිනාගනු ලැබුවා..ඉතිං ඇය එම golden buzzer එක මේ තරගාවලියේදී ලබපු ප්‍රථම අවස්ථායි.ඉතිං ජනතා පරමාධිපත්‍ය ඉක්මවමින් ලබන වටය සඳහා යෑමට නිතරඟයෙන්ම තරින්දි සමඟින් හසින්ත සුදුසුකම් ලැබුවා..ඉතිං ඒ දවසේ සිදුවු විශේෂම සීදුවීම වන්නේ එදින තරඟකරුවන් දෙදෙනෙක්ටම මේ golden buzzer එක හිමිවීම..
ඉතිං එදිනම golden buzzer එක ලැබු අනිත තරඟකාරිය වන්නේ ඩිෂ්නි සමඟින් ලලිත්. ඔවුන් මායා චිත්‍රපටයේ ගීතයකට තමයි එදා නර්තනයෙන් දායක වුනේ. එම නර්තනය සියළුදෙනාගේ විස්මයට පත්වූ නර්තනයක් බවට පත්වුවා. එහි තිබු සමහර බිහිසුණු දර්ශන කෙසේ කළාද කියා විනිශ්චමණ්ඩලයටත් සිතා ගත් නොහැකි වුවා..ඉතිං ඊළඟ සතියේදී කවුරු මේ තරඟයෙන් ඉවත් වෙයිද ?

(ජනනි තරුෂිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *