දඟකාර පුංචි නැට්ටුවන් පිරිවරා ගත් හිරු සුපර් ඩාන්සර් සෑම සෙනසුරාදා දිනයකදීම අප හමුවට එනවා.. දක්ෂතා වගේම ආදරය ගෞරවය මේ වේදිකාව තුළ පිරි ඉතිරි යනවා. නර්ථනයෙන් දස්කාම්පමින් පුංචි දරුවන් මේ වේදිකාව දවසින් දවස විවිධ වු තේමාවන් යටතේ වර්ණවත් කරනවා..මේ වෙද්දී අවසන් 24 දෙනා තේරීමේ වටයි සිදුවෙන්නේ.ඉතිං පසුගිය දිනයෙත් දක්ෂයින් හයදෙනකු ඔවුන්ගේ නර්තන අචාර්යවරුන් සමගින් වේදිකාව මත තරඟ වැදුනා.. මේ තරඟය තුල ග්‍රින් ලීවර්යක් තිබෙනවා..එය මෙහි සිටින ගෞරවනීය විනිශ්ච මණ්ඩලය විසින් ක්‍රියාත්මක කරනු ලබන්නේ. ඔවුන් එකමතිකව තීරණය කලාහොත් මේ තරඟ කරන දක්ෂයින් හයදෙනා අතරින් super performer gold medal එක ජයග්‍රාහණය කරන්නේ කවුරුන්ද කියන කාරණාව ඔවුන්ට එකමතිකව තීරණය කිරිමේ හැකියාව තිබෙනවා.. නමුත් ඊටත් එහායින් ජත්‍යන්තර මට්ටමේ යන්න පුළුවන් තරමින් නිර්මාණශිලි නිර්මාණයක් මෙ වේදිකාව තුළ බිහි වුවහොත් ඔවුන්ට golden buzzer එක හිමි කරන්නත් අවස්ථාව තිබෙනවා.. ඉතිං අවසාන මහ තරඟයාවලිය නියෝජනය කිරීමේ එ දක්ෂයින් හතරදෙනා තොරාදෙනු ලබන්නේ ශ්‍රි ලංකික ප්‍රේක්ෂකයන් විසිනි…

මෙ තරඟය තුළදී ඔබ සිත්ගත් පුංචි තරුව වෙනුවෙන් ඔබට මනාප පළ කරන්නට අවස්ථාව තියෙනවා..මේ රියැලිටි වැඩසටහනේ විනිශ්චකරිනියන් දෙදෙනෙක් සහ විනිශ්චකරුවෙක් සිටිනවා. ඒ ප්‍රවීණ නර්තනවේදීනි උපුලි පානිභාරත , නර්තනවේදීනි හිමාලි සිරිවර්ධන සහ නර්තනවේදී දුෂ්මනත් වීරමන් යන අයයි. ඉතිං මේ වැඩසටහන මෙතෙක් ඉදිරිපත් කළේ ජනප්‍රිය නළු කවිංග පෙරේරා සමඟින් දිනක්ෂි ප්‍රියසාද් නමුත් පහුදිනක එය වෙනස් වුවා. එ දිනක්ෂිගේ සමුගැනීමත් සමඟයි. ඇය එසේ මෙම වැඩසටහනින් සමුගත්තේ ඇය මව්පදිවයට සූදානමින් සිටි නිසයි.. එ කෙසේ වෙතත් ඇය එසේ වේදිකාවේන් නික්මේද්දී ඇගේ ආදරණීය නැගණිය වන ශේෂාද්‍රි ප්‍රියසාද් ඇගේ කාර්යය භාරගනු ලැබුවා.. දිනක්ෂි වේදිකාවෙන් සමුගනිද්දී හිරු සුපරු ඩාන්සර් මුළු කාණ්ඩායමම ඇයට හොඳ සමුගැනීමකුත් ලබා දුන්නා. ඉන්පසුව මේ වැඩසටහන ඉරිපත් කරනුයේ කවිංග සමඟින් ශේෂද්‍රිය ප්‍රියසාද්..

ඉතිං පහුගිය සතියේ තරඟ වැදුණු තරුඟකාරියන් සහ තරඟකරුවන් වන්නේ තිලිණි සමඟ සජනි, අචින්ත සමඟ ධනුජ, ධනුෂ් සමග ඉරුෂ, ළහිරු සමඟ සමාධි, නමාල් සමඟ සඳනි , ජෝති සමඟ අනුප යන තරුඟකරුවන් හයදදෙනයි. ඉතිං එදින තරඟ වැදුණු සඳනි සමඟින් නාමල් නර්තනවේදීනි හිමාලි සිරිවර්ධනගෙන් ග්‍රින් ලීවර්ය ලබා ගන්නටත් සමත් වුවා… ඇයට එය ලබා දුන්නේ එ පුංචි වයසේදී ඇගේ ඇඟ තුළ තිබුණ ඒ ශක්තිය නිසයි.එ වගේම එදා දවසේදී super performer gold medal එක ධනුජ සහ අචින්තන විසින් ජයග්‍රාහණය කලා.. ඉතිං පසුගියදා තරඟ වැදුණ ඒ පුංචි නැට්ටුවන්වන්ගෙන් දෙදෙනකු එදා දවසේදී වේදිකාවෙන් සමුගත්තා. ඒ ප්‍රේක්ෂක තීරණය අනුවයි.. ඉතිං එදා දවසේ සමාධි සමඟින් ළහිරු සහ අනුපම සමඟින් ජොති තමයි මේ වේදිකාවෙන් සමු ගනු ලැබුවේ..ඉතිං ඊළඟ සතියේදී කවුරු ඉදිරියට යයිද කවුරු තරඟයෙන් ඉවත් වෙයිද යන්න තීරණය වන්නේ ප්‍රේක්ෂකයන්ගේ තීරණය අනුවයි…

(ජනනි තරුෂිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *