හිරු නාලිකාව ඔස්සේ මේ දිනවල විකාශය වන මෙගාස්ටාර්ස් මේ වෙද්දී ගොඩක් දෙනා අතර ජනප්‍රිය වගේම ප්‍රේක්ෂක ආකර්ෂණ ,ආදරය නොමඳව ලබා ගත් රියැලිටි වැඩසටහනක් බවට පත් වී තිබෙනවා..මේ තරඟවලියට ලංකාවේ සිටින ජනප්‍රිය නළු නිළියන් රැසක් දායක වී තිබෙනවා… එ සියලු දෙනොටම අවශ්‍ය වන්නේ අනෙකාව පරදා ඉදිරියට යෑමටයි..මේ තරඟකරුවන් සියළු දෙනාම දක්ෂයෝ නමුත් තරඟයේ හැටියට එක සතියකදී එක් තරඟකරුවන් දෙපළකට අයින් වෙන්නට සිදුවනවා..එයයි තරඟයේ ස්වභාය.. මේ සියළුදෙනාම එක් එක්කෙනාට අභියෝග කරමින් තමන්ගේ උපරිමය ඉතාමත් හොදින් කැපී පෙනේන සහ හොඳ තේමාවන් යටතේ තමයි තරඟ කරනනෙ. එ නිසා මෙ අභියෝගය ලෙසි නැ…ඉතිං පසුගිය සතියේ අවසන් දහසය දෙනාගේ වටය අරම්භ වුනා..

මේ තරඟය තුළ විනිශ්චකරිනියක් සහ විනිශ්චකරුවන් දෙනෙක් සිටිනවා. ඒ අචාර්ය රවීන්ද්‍ර රන්දෙණිය, අචාර්ය චන්න විජවෙර්ධන සහ රංගවේදීනි දිල්හානි ඒකනායකයි.. ඉතිං මේ තරඟය ඉරිපති කිරීම කරන්නේ රංගන ශිල්පී පුබුදු චතුරංග සහ රංගන ශිල්පිනී යුරේනි නොෂිකායි..

ඉතිං මේ තරඟයේදී තරඟකරුවන් ඉදිරියට යැවීමට විනිශ්චමණ්ඩලය සතුව ලකුණු තිහක් තිබෙනවා.. ඉතිරි අසුව ප්‍රේක්ෂක මානපයන්ය. ඉතිං මේ තරඟයේදී golden buzzer එකක් තිබෙනවා. එ කියන්නේ විනිශ්චමණ්ඩලයේ සිටින තිදෙනාගේම මනාපය කැමැත්ත අනුව ඔවුන්ට පුළුවන් යම් තරඟකරුවකු අනිවාර්යෙන්ම ඉස්සරහට යායුතු කියලා සිතනවා නම් ඔවුන්ට පුළුවන මේ golden buzzer එක තුළින් එම තරඟකරු හෝ තරඟකාරිනියව ප්‍රේක්ෂක මනපයන් නැතිව නිතැතින්ම ඉදිරියට යවන්නට… ඉතිං මේ තරඟාවලිය තුළදී විවිධ වු තරඟකරුවන් තරඟකාරිනියන් විසින් මෙය ලබා ගත්තා..

ඉතිං පහුගිය දිනක ශනුද්‍රි සහ කවිඳුගේ නර්තනය ගැනත් ඔවුන් ඒ තෝරා ගත් තේමාව ගැනත් ගොඩක්දෙනා අතර කතාබහට ලක්වුණා.. විනිශ්චමණ්ඩලයේ පවා ඇගයීමට පවා පත්‍ර වුණා. ශනුද්‍රි එහිදී ඉතාමත් දක්ෂ ලෙස අනිත් තරඟකරුවන්ට තරඟකාරිනියන්ට අභියෝගයක් වුවා. ඇය ඇඟේ උපරිමයෙන්ම එ act එක තුළ පෙන්වුවා.. ඉතිං එදා දවසේ තරඟ කළ තරඟකරුන් සහ තරඟකාරිනියන් වන්නේ ඩිෂ්නි රාජපක්ෂ, මේධා ජයරතන්න, ශනුද්‍රි ප්‍රියසාද් , නිලුෂි පවන්‍යා, අනුජ් රණසිංහ, චුලක්ෂි රණතුංග , රශිපබා සංදීපනී, තරින්දි ප්‍රනාන්දු යන අයයි.. ඉතිං එදා දවසේත් මේ තරඟකරුවන් ඉතාමත් දක්ෂ ලෙස තම නර්තන අංගයන් සාර්ථක අයුරින් එළි දැක්වුවා..

ඉතිං කෙසේ වෙතත් එදා දවසේදීත් පස්වෙනි වටයේ golden buzzer එක අනුජ් රණසිංහ විසින් දිනාගනු ලැබුවා.. ඒ පස්වෙනි වටයේ ප්‍රථම golden buzzer එක දිනාත්තේ අනුජ් විසිනි.. ඉතිං ඒ අවස්ථාවේදී අනුජ් ඉතාමත් සංවේදී වුවා වේදිකාව තුළ.. ඔහුට එ සතුට දරා ගැනීමට නොහැකි වුවා.. ඉතිං මේ golden buzzer එකත් සමඟ අනුජ් නිතැනින්ම හයවෙනි වටය සඳහා සුදුදුකම් ලැබුවා.. ඉතිං පසුගිය සතියේ මේ තරඟකරුවන් අට දෙනා අතරින් එක් තරඟකරුවෙක්ට වේදිකාවෙන් සමු දෙන්නට සිදු වුවා.. ඒ මේධා ජයරත්නටයි..

ඉතිං මේ මෙගා ස්ටාර්ස් තරඟය තුළදී අපි ආදරය කරන රංගන ශිල්පීන් , ශීල්පිනියන් වේදිකාවෙන් සමුදීම අපට දුකක්..නමුත් තරඟයේ ස්වභාවය අනුව තරඟකරුවන්ටත් එම තීරණය දුකෙන් වුවත් බාර ගැනීමට සිදුවනවා.. ඉතිං භළඟ සතියේදී කවුරු මේ තරඟයෙන් ඉවත් වෙයිද ? ඔබ ආදය කරන තරඟකරුවා හෝ තරගකාරිය ඉවත් වෙයිද කියන එක සියළු දෙනාටම කුතුහලයකි..

(ජනනි තරුෂිකා)

Leave a Reply

Your email address will not be published. Required fields are marked *